පුත්තලම් දිස්ත්‍රික් එජනිස කණ්ඩායම් නායකයාගේ පුතා අත්අඩංගුවට..?

0
71

දංකොටුවදංකොටුව කටුකෙන්ද සංඝබෝධි විදුහල් ජන්ද මද්‍යස්ථානය අසලදි නීති විරෝධි ලෙස ජන්ද ප්‍රචාරක පත්‍රිකා බෙදාදෙමින් සිටි පුත්තලම් දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක යෙකුගේ පුතෙකු ඇතුලු අධාර කරුවන් දෙදෙනෙක් අද දහවල් (17) 2 ට පමණ අත් අඩංගුවට ගත් බව දංකොටුව පොලිසිය පවසයි මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම් දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම් නායකයාගේ පුතා හා ඔහුගේ හිතවතුන් දෙදෙනෙකු හා ඔවුන් පැමිණි ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයකි කිසිදු ප්‍රචාරක කටයුත්තක් කිරිම සම්පුර්ණයෙන්ම තහනම් ව තිබියදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ගේ අධාර කරුවන් පිරිසක් ප්‍රචාරක කටයුත්තක නියැලෙන බව ලැබු තොරතුරක් මත එම ස්ථානයට ගිය පොලිස් කණ්ඩායමක් විසින් ඔවුන්ව මෙලෙස අත් අඩංගුවට ගෙන තිබේ ඔවුන් එම අපේක්ෂකයාගේ රුව හා අංකය සහිත කාඩ් පත් බෙදමින් සිට ඇති බවත් එම කාඩ් පත් පොලිස් බාරයට ගෙන ඇති අතර සැකකරුවන් හා භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කරන තෙක් සැකකරුවන් පොලිස් ඇපමත මුදා හැරිය බව පොලිසිය කීය
චන්දන ප්‍රනාන්දු