පුත්තලමේදී ඡන්ද කොමසාරිස්ට කටඋත්තර නැති වෙයි?

0
73

voting-paper-1_300_199ඊයේ දිනයේදී පුත්තලම ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් වු ශාන්ත ඇන්ඩෲ විද්‍යාලයේදී  අහක දමා තිබූ   ජන්ද උර 23ක්  සොයා ගත් බව වාර්තාවේ. මෙම ජන්ද පත්‍රිකා මිටි පොලීතින් හා පෝර උරවල දමා තිබූ බවත් ඡන්ද පත්‍රිකා 7000ක් පමණ තිබූ බවත් එම ස්ථානයට ගිය විපක්ෂ ක්‍රියාකාරිකයෙක් පැවසීය.
මේම ජන්ද මිටි සොයාගත් ස්තානයට ජන්ද කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ගිය අවස්ථාවේ එම ස්ථානය ඉතා උණුසුම් තත්ත්වයක් ඇතිවී ඇති අතර ආණ්ඩු පක්ෂයේ මෙන්ම
විපක්ෂයේ දේශපාලන නායකයන්ද එම ස්ථානයට ගොස් ඇත. මෙම ස්තානයට ගිය  එක්සත් ජාතික පක්ෂයේ හලාවත ආසන සංවිධායක පළාත් සභා මන්ත්‍රී  ශාන්ත අබේසේකර මහතා  විසින් පවසන්නේ එම  ඡන්ද පත්‍රිකා නීත්‍යානුකූල ඡන්ද පත්‍රිකා බවත් එම පත්‍රිකා අතර තමන්ගේ අංකයට ද (19) කතිර ගසා තිබූ පුත්තලම ප්‍රදේශයේ ඡන්ද තිබෙනු තමන් දුටු  බවයි. එමෙන්ම ජන්ද ප්‍රතිපළ ප්‍රකාශ කිරීමට පෙර අදාළ නිලධාරියෙකු විසින් ජන්ද පත්‍රිකා ගබඩා කළ ස්ථානය පරීක්ෂා කර ඒ පිළිබදව දැනුම් දිය යුතු බවත්,  21 වනදා එසේ සිදුකළා නම් මේසේ සිදුවන්නේ කෙසේ ද යන්න ශාන්ත මන්ත්‍රීවරයා ප්‍රශ්න කර ඇත. ඡන්ද කොමසාරිස්වරයාට ඒ අවස්ථාවේදී ඇසූ බොහෝ ප්‍රශ්න වලට කටඋත්තර නැතිව ගොස් අැත.
එමෙන්ම  එම අවස්තාවේදී ඡන්ද කොමසාරිස්වරයා විසින් මෙම මැතිවරණ දූෂණ ක්‍රියාව සම්බන්ධයෙන් හැසිරුණ ආකාරය අනුව ඔහු රාජපක්ෂ පාලනයේ ගැත්තෙකු බවත්,සන්ධානයේ වැරදි ආරක්ෂා කරන්නට තැටමූ ආකාරයත් මොනවට පැහැදිලි වූ බව එම අවස්තාවට සහභාග වූ  ජනතාව ප්‍රකාශ කර සිටිති.