ගිනි අවි ආඥා පනත අනුව නිසි බලපත්රයක් හෝ අවසර පත්රයක් නොමැතිව ටී 56 ගිනි අවියක් හා ඊට යොදන උණ්ඩ 30 ක් එම ගැබ් එකක් රිවෝල්වරයක් හා ඊට යොදන උණ්ඩ4 ක් ද තවත් රිවෝල්වර එකයි ඊට යොදන උණ්ඩ 6 ක් එස් එමි ඩී කොළ පැහැති ජීව අත් බෝමිභ එකක් ටී 70 කොළ පැහැති දුමි බෝමිබ එකක් යන ආයුධ තම නිවසේ තබා ගෙන සිටිමෙි චෝදනාව මත මන්ත්රිිවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.
හලාවත පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් 2004 මැයි මස 30 වන දින සැකකාර මන්ත්රිවරයාගේ නිවසේ තිබිය දී මෙකි අවි ආයුධ අත් අඩංගුවට ගෙන තිබුණි. මෙම නඩුවෙි විත්තිකරුවන් හය දෙනෙකු නම් කර තිබු අතර ඉන් පස් දෙනෙකු තමන් නගා ඇති චෝදනාවන්ට වරදකරුවන් බව පල කර දඩුවම් ලබා තිබුණි. සැකකාර මන්ත්රිවරයා තමන් නිවැරදිකරු බව පල කර සිටි නිසා ඔහුට එරෙහිව නඩුව විභාග කිරිමට නියම කර තිබුණි.
ඔගස්ටින් ප්රනාන්දු – හලාවත