පුතා පොහොට්ටුවෙන් ! තාත්තා සරුංගලෙන් ! සල්ලි ලංසගෙන් ?

0
106
සුනිල් යළිත් ලංසා බැසිල් ලගට

nimal sunilමීගමුවේ දේශලපානය කළු සල්ලි වලින් පාලනය වන අයුරු ගැන කියන්න තවත් කදිම උදාහරණයක් අපි ලැස්තියි දැන් කියන්න.
සුනිල් සිල්වා කියන්නේ එජාපෙන් දේශපාලනය ආපු කෙනෙක් .2006 නගර සභා මැතිවරණයේදි නිමල් ලංසා සහ බන්දුල නාඔටුන්න එයාලගෙ මැරයොත් එක්ක ගිහින් සුනිල් සිල්වාගේ ගෙවල් කුඩුකරනවා.එතකොට සුනිල් සිල්වාගේ පුත්තු දෙන්න මරබයෙන් දවස් ගාණක් කථාකරගන්න බැරිව හිටියේ.
නගර සභාවට පත්වුණ සුනිල් සිල්වා නගර සභා රැස්විම්වලට ආවේ මාස දෙකකට සැරයක් .හේතුව නිමල් ලංසාට ගරු නගරාධිපතිතුමෙනි කියල කියන්න බෑ කියල.
එහෙම හිටපු සුනිල් සිල්වා ආයෙත් පනිනව ශ්‍රිලංකා එකට .

2010 දි සුනිල් යළිත් එජාපෙට පැන්න අවස්ථාව
2010 දි සුනිල් යළිත් එජාපෙට පැන්න අවස්ථාව

එහෙම ඉදල 2010 දි ජනාධිපතිවරණයේදි ආයෙමත් එජාපෙට එනවා.
මේ විදියට අත්තෙන් අත්තට පැනපු සුනිල්ගේ  දේශපාලන වැනිල්ල හින්දම 2018 සුනිල්ට එජාපෙන් අපේක්ෂකත්වය ලැබෙන්නේ නැ.

සුනිල් යළිත් ලංසා බැසිල් ලගට
සුනිල් යළිත් ලංසා බැසිල් ලගට

ඊට පස්සේ සුනිල් ආයෙත් පනිනව ලංස ලගට.ඒ නිකන් නෙමේ පුතාවත් අරන්.
දැන් තමන්ගේ ගේ කඩු කරපු ලංසාත් බන්දුල නාඔටුන්නටත් එක්ක පුතා පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන කොට ලංසා දාපු සරුංගලෙන් සුනිල් සිල්වා ඉල්ලනව.
හැබැයි මේ දෙන්නටම සල්ලි ලංසගෙන් …
මේක තමයි මීගමුවේ කළු සල්ලි දේශපාලනයේ නැටවිල්ල සහ නැටිල්ල…..