පුද්ගලික රෝහල්වල වෛද්‍ය නොසැලකිල්ල සහ නිපුණතා අර්බුදය??

0
107

මීගමුුෙව් පිහිටා ඇති පුද්ගලික රෝහල්වල සේවයේ යොදවා ඇති ආධුනික හෙදියන් අතුළු කාර්ය මණ්ඩල කොතෙක් දුරට ඒ කටයුත්ත සදහා ප්‍රමාණවත් නිපුණාවයකින් යුතු අයද යන ගැටළුව මතුව තිබේ.විශේෂයෙන්ම මේ බොහොමයක් ස්ථානයන් හි සිටින්නේ ආධුනිකයන්ය. පළපුරුදු කාර්ය මණ්ඩල සමාජිකයන් ඇත්තේ ඉතාමත් සුළු ප්‍රමාණයකි. මේ පසුබිම යටතේ මේ ආධුනික කාර්ය මණ්ඩල සමාජිකයන් විවිධිමත් ලෙසින් පුහුණු කිරිම සහ ඒ අයගේ සේවය නිසි ලෙසින් අධික්ෂණය කිරිමට මේ බොහෝ තැන්වල යාන්ත්‍රණයක් නොමැති බැව් පෙනේ.
මේ සියල්ලේ ප්‍රථිපලය අවසන් විය හැකිව ඇත්තේ වෛද්‍ය නොසැලකිල්ල හා බැදුණ බේදවාචකයන් නිර්මාණය කිරිමටය.
නිදසුනක් ලෙසින් ගතහොත් දියවැඩියා රෝගියෙකු හට ලබාදෙන ඉන්සියුලින් එන්නත එම රෝගියාගේ රැධිරයේ සීනි ප්‍රමාණය නිසි ලෙසින් ගණනය නොකර එය සිදුකෙරුන හොත් ප්‍රථිපලය කුමක් විය හැකිද??
එමෙන්ම රුධිරයේ ඇති සිනි ප්‍රමාණය මිණිම සදහා කරනු ලබන පරික්ෂණයක නිවරදි  අගය මේ ආධුනික හෙදියකගේ අතින් වෛද්‍යවරයා හට වාර්ථා නොවුන හොත් කුමක් සිදුවිය හැකිද?
මේ නිසා කාර්ය මණ්ඩල වල නිපුණතා ධාරිතාව ඉහල නංවාලිම සදහා මේ සියළුම පුද්ගලික රෝහල්වල විධිමත් වැඩපිළිවෙලක් ගොඩනගා ගත යුතුව තිබේ.
පුරුදු වෙන්නට ගුවන් යානා පැදවිය නොහැක.පුහුණුවි පමණක් එය ඉටු කළ හැක.