මේ සියල්ලේ ප්‍රථිපලය අවසන් විය හැකිව ඇත්තේ වෛද්‍ය නොසැලකිල්ල හා බැදුණ බේදවාචකයන් නිර්මාණය කිරිමටය.
නිදසුනක් ලෙසින් ගතහොත් දියවැඩියා රෝගියෙකු හට ලබාදෙන ඉන්සියුලින් එන්නත එම රෝගියාගේ රැධිරයේ සීනි ප්‍රමාණය නිසි ලෙසින් ගණනය නොකර එය සිදුකෙරුන හොත් ප්‍රථිපලය කුමක් විය හැකිද??
එමෙන්ම රුධිරයේ ඇති සිනි ප්‍රමාණය මිණිම සදහා කරනු ලබන පරික්ෂණයක නිවරදි අගය මේ ආධුනික හෙදියකගේ අතින් වෛද්‍යවරයා හට වාර්ථා නොවුන හොත් කුමක් සිදුවිය හැකිද?
මේ නිසා කාර්ය මණ්ඩල වල නිපුණතා ධාරිතාව ඉහල නංවාලිම සදහා මේ සියළුම පුද්ගලික රෝහල්වල විධිමත් වැඩපිළිවෙලක් ගොඩනගා ගත යුතුව තිබේ.
පුරුදු වෙන්නට ගුවන් යානා පැදවිය නොහැක.පුහුණුවි පමණක් එය ඉටු කළ හැක.