පුරපතිගේ තර්ජනයට එරෙහිව කොච්චිකඩේ ව්‍යාපාරිකයෝ පෙළගැසෙති !

0
98

කොච්චිකඩේ ව්‍යාපාරිකයන් 1කොච්චිකඩේ වෙළද සංකිර්ණය බලහත්කාරයෙන් හෝ ඊයේ දිනයේදි කඩාදමන බවට පුරපති සැමට දන්වා තිබුණි.සැප්තැම්බර් 19 වෙනිදා මේ වෙළද භුමියටම පැමිණි කොච්චිකඩේ එජාප නාගරික මන්ත්‍රි සුමිත් ප්‍රනාන්දු ඉදිරියේදි මේ තර්ජනය කරමින් කියා තිබුණෙ තමන් බලෙන් හරි මෙය කඩාදමන බවය.
මෙහි නව ගොඩනැගිල්ලක් ඉදිකිරිමට තවමත් අතේ සතයක් නැති මිගමු නගර පාලනය මේ සැරසෙන්නේ තමන්ව අනාථ කිරිමට යැයි තේරුම් ගත් ව්‍යාපාරික මහතුන් දැන් මේ බලහත්කාරයට එරෙහිව පෙළ ගැසෙන්නට පටන් ගෙන තිබේ.
තිබෙන ගොඩනැගිල්ලක් කැඩිය යුත්තේ එය අලුතින් ඉදිකිරිමට විධිමත් මුල්‍ය වැඩපිළිවෙලක් සුදානම් කර ගෙන වුවද පුරපතිගේ අයියා වන නිමල් ලංසාට ඇවැසිව ඇත්තේ කුමක්දෝ මගඩියක් කිරිමට යැයි කොච්චිකඩේ එළවළු ව්‍යාපාරිකයෝ  මිපුරට කියා සිටියහ.