පුරවැසිමාධ්‍යකරුවන්ගේ ඇසින් ලෝකයට ගෙන යන තුර්කි ජනතා විරෝධය

0
188

s4.reutersmedia.netතුර්කියේ ඉස්තාම්බූල් නගරයේ  හරිත උද්‍යානයක් (Gezi Park) විනාශ කොට ඒ මත දැවැන්ත සුපිරි වෙළද මධ්‍යස්ථානයක් ඉදිකිරිමට අප්‍රෙල් මාසයේ  සමාජ වෙබ් අඩවියක් පවත්වාගෙන ගිය අයෙකු විසින් අන්තර් ජාලයෙන් අත්සන් එකතුකරමින් පටන් ගත් විරෝධය මේ වන විට රටක් එක් කළ එකක් බවට පත්ව තිබේ.
සාමකාමී  විරෝධතාකරුවන්ට  ඉතා ප්‍රචන්ඩ ක්‍රම යොදා ගනිමින්   පොලීසිය පහර දෙන බව මාධ්‍ය වාර්තා කරති.
මේ වන විට ඊට ආසන්න නගර වලත් ජනතාව විරෝධතා පෑමට පටන් ගෙන ඇති අතර මාධ්‍ය වල මෙම විරෝධතාකරුවන් ආමන්ත්‍රණය  කර ඇත්තේ ‘ ගේසි පාක් විරෝධතාකරුවන් ලෙසිනි.’s4.reutersmedia.net
ගේසි   නම් උද්‍යානය මෙම  මෙම ප්‍රතිසංස්කරණ යෝජනා වට  නිමිත්ත වී ඇති අතර විරෝධතාකරුවන් පවසන්නේ එය උද්‍යානයක් හෝ ගසක් පිලිබද ගැටළුවක් නොව ජනතා කැමැත්ත ,ප්‍රජාතන්ත්‍රවාදයට රජය විසින් දක්වන  මර්ධනීය පිලිවෙත සම්බන්ධ ප්‍රශ්නයක් බවයි.
පුද්ගලයන් 10 දෙනෙකුගෙන් ආරම්භ වූ සාමකාමී විරෝධතාවයට එරට පාලකයන් දැක්වූ මර්ධන පිළිවෙත හේතුවෙන් මෙම විරෝධතාවය සාමුහික විරෝධතාවයක් බවට පසුගිය දින කිපය ඇතුළත පරිවර්තනය විය.
s4.reutersmedia.net
තුර්කිය මුස්ලිම් බහුතරයකගෙන් සමන්විත පාලනයකයට හිමිකම් කිවද අනෙක් මුස්ලිම් රටවලට වඩා නුතනත්වයට යොමුව ඇත.සාමාන්‍යනේ ජනතාව අතර යම් ජනප්‍රිතාවකට හිමිකම් කි තුර්කි පාලකයන්ගේ නාගරිකකරණ සංවර්ධන සැලැස්ම දැන් බරපතල අභියෝගයකට ලක්ව ඇත.එය ජනතාවගේ අදහස් වලට කිසිසේත්  ඇහුම්කන් නොදෙන බවට ජනයා විරෝධය දක්වමින් කියා සිටිති.

මේ වන විට රට තුල ක්‍රියාත්මක වන ප්‍රධාන ධාරවේ මාධ්‍යන් වෙත විවිධ බාධා එල්ල කරමින් පාලනය කරන්නට පටන් ගෙන ඇත.
ජාත්‍යන්තර මාධ්‍ය නියෝජිතයන්ට  සිය සන්නිවේදනය ලෝකය වෙත ගෙන යා නොහැකි ලෙස ටෙලි කොමිනිකේෂන් පහසුකම් පවා අවහිර කර ඇතැයි මාධ්‍යකරුවන් පවසති.
මේ පසුබිම තුල  ෆේස්බුක් හා twitter  මාධ්‍යකරුවන්  පමණක් තොරතුරු සපයන්නන් වී තිබේ.
ඔවුන් මේ වන විට විරෝධතාවයට එක්වී  ඇති මාධ්‍යකරුවන් මෙන්ම සිවිල් පුරවැසියන්  ට පොලීසියෙන් සිදුකරන  ප්‍රහාර හා  රෝහල්ගතවන පිරිස් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරමින් සිටිති.
twitter වාර්තා වලට අනුව මේ වනවිට වෛද්‍යවරු හා කලාකරුවන්ද මෙම අරගලයට සහය දීමට ඉස්තාම්බූල් නගරයේ  ‘ තක්සිම් චතුරස්‍රය කරා පැමිණ සිටිති. නගරය  වෙත ඇදෙන සියලු ජනතාව  ටැක්සි රියදුරන් නොමිළේ ප්‍රවාහනය කරන බවත්  තුවාලකරුවන් සදහා වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම බෙහෙත් ස්වෙච්ඡාවෙන්  ලබාදීමට ඉදිරිපත්වී සිටින බවද ..සමාජ වෙබ් අඩවි  විසින් වාර්තා කරති.
@Bcdmir: #occupygezi  I saw doctors, medical students, pharmacists sharing their mobile to help wounded people
මේ තත්ත්වය යටතේ එහි සිදුවන ඇත්ත තත්ත්වයන් වාර්තා කරන ප්‍රධාන  කොටසක් බවට පත්ව ඇත්තේ පුරවැසි මාධ්‍යකරුවන්ය.

උපුටා ගැනීම –  Global Voice