පුරවැසියාගේ බජට් කථාව !

0
78

citizen

2019  වසරට  මීගමු  නගර සභාව  තම  ඇයවැය  සම්මත  කරගත්  බව  ප්‍රකාශ විය.  ඒ සඳහා  කොතරම්  මහන්සියක්  ගත්තේදැයි  දන්නේ  මීගමු  නගරසභාවේ  පාලක  කාරකාදීන්ය.  එ.ජා.ප මන්ත්‍රීවරු   විනෝදචාරිකාවක්  සඳහා   පාසිකුඩා   රැගෙන  යාමේ  සිට  ඔවුන්ගේ  දීමනා  සහ  කුදු මහත්  කටයුතු  වෙනුවෙන්  පොරොන්දු  දෙමින්  කරනලද  මෙම  මහන්සිය  අපතේ  නොගිය  බව  මේ  අනුව  පැහැදිළි විය.

යම්කිසි  පළාත් පාලන  ආයතනයක  කටයුතු  සිදු  විය  යුත්තේ  එම  පළාත්  පාලන  ආයතනයේ   නීතිරීති  සහ  කොන්දේසි  වලට  අනුවය. නමුත්  මීගමු  නගරසභාවේ  කටයුතු  සිදුවන්නේ  එසේදැයි   ජනතාවගේ  පැත්තෙන්  විමසීමක්  කිරීම  වැදගත්වේ.    නගරසභාව  විසින්  අයවැය  සැකසීමේදී  කෙසේ  හැසිරී  අත්තේදැයි  එම   ඉතිහාසය   අතපතගා  බැලිය යුතුය.

ජෙයරාජ්   ප්‍රනාන්දුපුල්ලේ   ගෘහස්ත ක්‍රීඩාංගනයේ ආදායම කාටද ?

ප්‍රථමයෙන්ම   අපට  ආසන්නවන  සිදුවීමක්  ලෙස  ජෙයරාජ්   ප්‍රනාන්දුපුල්ලේ   ගෘහස්ත ක්‍රීඩාංගනය  දැක්විය  හැක. මේ  ක්‍රීඩාංගනය  ඉදිකිරීම  සඳහා  කෝටි  8ක්  පමණ  වැයවී  ඇතැයි  සඳහන්වේ.  එසේම  තවමත්  මෙහි  පිරිසිදු  කිරීම්  ආදිය  සිදුකෙරෙන්නේ   නගරසභා  කම්කරුවන්  අතිනි.  ඔවුන්ගේ  දීමනා,  අතිකාල,  මේ  සඳහා  අවශ්‍ය  අමුද්‍රව්‍ය  මේ  ආදී  සියල්ල  සම්පාදනය  කෙරෙන්නේ  මීගමු  නගර  සභාවෙනි.  නමුත්  එහි  යතුරවත්  නගරසභාවට  අයිති  නැත.  එය  පාලනය  කරන්නේ  ලංසා  පවුලේ  අය  සහ  තවත්  ඔවුන්ගේ  කංඩායමක්  විසිනි. වසර  11ක්  තිස්සේ  මේසඳහා  නගර  සභාවට  ගෙවියයුතු  බදුමුදල්  නොගෙවා  වංචා  කරඇත.

වෙරළ උද්‍යානයේ ටෙන්ඩරයෙන් වසරකට නගරසභාවට ලක්ෂ 17 යි ! වසරකට එය නඩත්තු කිරිමට වියදම  ලක්ෂ 14 යි!

තවත්  ගසාකෑමක්  සිදුවන  ස්ථානයක්  වන්නේ  ලංසා  පවුලේ  බූදලයක්  ලෙස  සිතා  කටයුතු  කරන  වෙරළ  උද්‍යානයයි.  මෙම  උද්‍යානයෙන්  ලැබෙන  ආදායම  වසරකට  කෝටි  5කට  වැඩිවේ.  මෙම  ටෙන්ඩරය  රු.ලක්ෂ 100/ක්  පමණ  වටින  එකක්  වුවත්  මෙය  තීරණය  වන්නේ  රු.  ලක්ෂ  17ක්  වැනි  මුදලකටය.  එසේම  මෙහි  සියළු  කටයුතු  සඳහා  නගරසභාවේ  කම්කරුවන්  සහ  ගලිබව්සර්  ඇතුළු   සියළු  උපකරණ  යොදාගනී. මෙහි  තිබෙන  වතුරමල්  පිළිසකර  කිරීම  උදෙසා  ලක්ෂ  14 ක්  වැය  කළ  බව  සඳහන්  කෙරෙන  ආරංචියෙන්  පැහැදිළි  වන්නේ  ජනතාව  වෙනුවෙන්   ලැබෙන  මුදල  කොතරම් සුළු  එකක්ද  යන්නයි. එ‍සේම  මෙහි  ටෙන්ඩර්  කරුට විශේෂ  වරප්‍රසාද  ලැබේ.  එනම්  වීදිපහනක්  කැඩුනු  වහාම  එය  නගරසභාවෙන්   වහාම  සකස්කර  දෙයි. අවශ්‍ය  උපකරණ  ලබාදෙයි.

දේශපාලකයන්ගේ අතයට ගණුදෙනු නිසා මිගමුව සාප්පු සංකිර්ණයෙන් ලක්ෂ 150 ක පාඩුවක් !

මීගමුව   සුපර්මාකට්  එකට   අනුබද්ධව  ඇති  ‍F  ගොඩනැගිල්ල  වසා  මොහොමඩ්  රජාප්  නම්  පුද්ගලයාට  කඩයක්  දැමීමට  ඉඩදීම  නිසා  වසර  10ක්  තිස්සේ   එහි  කඩහිමියන්  නගරසභාවට  අදාල  බදු  නොගෙවා  පැහැර  හරියි.  මේ  අනුව  සිදුවී  ඇති  පාඩුව  ලක්ෂ  150කට  ආසන්නය.  එසේම  මෙම  ස්ථානයේ  ඇති  පාර  වැසීම  හේතුවෙන්  පාර  ලබාගත්  පුද්ගලයා  ඒ  වෙනුවෙන්  ලක්ෂ  20 ක  මුදලක්  ලංසා  පවුලට  ලබාදී  ඇත.

සතිපොලවල් වල,රථ ගාල්  ආදායම් කාටද ?

එසේම  නගරසභාව  විසින්  පාලනය  කළයුතු  මීගමු  නගරසභාවට  අයිති  රථ ගාල්,  සති  පොලවල්  පුද්ගලිකව  පාවිච්චි  කිරීම  නිසා  වසරක  පාඩුව  ලක්ෂ  10ක්  බව  පැවසේ.

නගරසභාවට  බඳවා  ගන්නා  සේවකයින්  යම්කිසි  පදනමක්  මත  සිදුවිය  යුතුබව   කව්රුත්   දන්නා  කරුණකි.  නමුත්  මේවනවිට  පදනම්  කිසිවක්  නොසළකා  225  කට  අධික  පිරිසක්   කොන්ත්‍රාත් පදනම  යටතේ ලංසා  පාලනය  විසින්  බඳවා  ගෙන  ඇත්තේ  තමන්ට  ඡන්ද  කටයුතු  සඳහා  උදව්  කළ  නිසාය. මේ අය  වෙනුවෙන්   දීමනා  සඳහා  වැයවන  මුදල  රු.ලක්ෂ  360 ක්  පමණ  වේ.  මේ  අයට  නිශ්චිත  කාර්්‍යන්  නැත.  ඒනිසා  ඔවුන්ගේ  වැඩ  පිළිබඳ  සැලසුමක් ද නැත.

නගරාධිපතිටත් රථගාය !

නගරාධිපති වරයාට   නිල රථයක් ඇත.  ඒසඳහා  සියළු  නඩත්තු  කටයුතු  සිදුවන්නේ  නගරසභාවෙනි.  එසේ  තිබියදී   ගිනි නිවන  ඒකකයට  අයත්  කැබ්රථය  සහ  වෙනත්  වාහනද  හිතූමතේ  පුද්ගලික  පරිහරණය  සඳහා  යොදාගනී. එසේම  ගලිබව්සරය,  ජලබව්සරය  වැනි  පොදු  සේවාවන්  සඳහා   යොදාගන්නා  උපකරණද  පුද්ගලික  පරිහරණයට  ගන්නේ  කිසිදු  හිරිකිතයකින්  තොරව  බවත්,    තමන්ගේ   නිවාසවල  කටයුතු  පමණක්  නොව තම ඥාතීන්ගේ  අවැසිතා  සඳහාද   මේවා  යොදා  ගන්නා  බවත්  දන්නෝ  දනිති. එපමණක්  නොව  මීගමුවෙන්  පිටත  සිටින  තමන්ට  උදව්  කළ  ව්‍යාපාරිකයින්ටද    එම  සේවාවන්  පුද්ගලිකව  ලබාදෙති.

 C G R  බිමේ  තිබෙන  අනවසර  කඩකරුවන්  ඉවත් කළේ කැරොකේ  සමාජශාලාව  හොදට පෙන්න ඕන නිසා !

තෝර  බීඩි  නමින්  හඳුන්වන  ව්‍යාපාරිකයා  උදෙසා  අනවසර  බිමක   ගොඩනැගිල්ලක්  ඉදිවේ.  මෙම  ගොඩනැගිල්ල  සඳහා  යාබද  C G R  එකට  අයිති  බිම්කොටසක්ද  ඈඳා  ගනී.  මෙම  ගොඩනැගිල්ල  ඉදිවන්නේ  කැරොකේ  සමාජශාලාවක්  උදෙසාය.  මොහු  ලංසා  පවුලේ  මිත්‍රයෙකි.  C G R  අනවසර  බිමේ  තිබෙන  අනවසර  කඩකරුවන්  නිසා  මෙම  සමාජශාලාව  වැසී  තිබින.   තෝර  බීඩි  ව්‍යාපාරිකයාගේ   මුදලේ  බලයෙන්  ඉහතකී  අනවසර  කඩවලින්  භාගයක්  පමණ  ඉවත්විය.   දැන්  කැරොකේ  සමාජශාලාව  හොඳින්  ප්‍රදර්ශණයවේ.

නගර සභාවේ සේවය මාධ්‍ය සංදර්ශණයක් බවට පත්විම !

මීගමු  නගරසභාවේ   පාලනාධිකාරය   දිලිසෙන  වැඩ  සඳහා  කප්ගැසූ  අයයි.  කානු  ශුද්ධ  කිරීම,   කසල  ඉවත්කිරීම  , වැනි  කටයුතු   නගරසභාව  විසින්  කරන  මූලික  කටයුතුය.  නමුත්  ඉතිහාසයේ  ප්‍රථම  වරට  කරන  දෙයක්  සේ  පෙන්වමින්   කටයුතු  කරමින්  ජනයා  මුලාකිරීමට  ඔවුන්  සමත්ය.  දේවස්ථානයක්  වැනි  පොදු ස්ථානයක  කරන  වැඩකදී   නගර  සභාවේ  සියළු  ශක්තිය  ස්ථාන  ගත  කරමින්  සේවකයින්,  උපකරණ,  වාහන  ආදී  සියල්ල   පෙන්වා   කරන්නට  ඇතිදේ  සුළු  වුවත්  මහමෙරක්  සේ  හුවා  දක්වයි

මේ  දැක්වූයේ  මීගමු  නගරසභාවට  අදාලවූ   ජනතාවගේ  පොදු  දේපල   පරිහරණය  කිරීමේ  සහ  විනාශකිරීමේ  කථා පුවතේ  එක්  කොටසකි.  මීගමුවේ  ඉපදුනු  මෙම  අයියලා  සහ  මල්ලිලා  දැනුත්,  ඉදිරියටත්  මේ ලෙසින්  මහත්වූ    ජනතා  දේපල  මහදවල්  කොල්ලකමින්   ඒවා  සාධාරණීය  කරණය  කරයි. අප  පොදු  දේපල  කියා  හඳුන්  වන්නේ   දුප්පත්  පොහොසත්  සියළු  නාගරික  ජනතාවගේ   අයිතියයි.  එය  සැමට  එකසේ  එක  පොදු  ප්‍රතිපත්තියක්  මත  භාවිතා  විය  යුතුය. එ‍සේ  ප්‍රතිපත්තියක්  නැති  නිසා  මෙසේ  දූෂණ,  අකටයුතු සිදුවන  ඉතිහාසය  වෙනස්  විය  යුතුමය.  මේ  සඳහා අවදියෙන්  සිටියයුතු  බව  අපි  ජනතාවට  මතක්  කර සිටිමු.