

එදා පිලාත්ලා, හෙරෝද්ලා ජනතාව පෙලණ විට ඒ රජවරුන්ට එරෙහිව පීඩාවට පත් ජනතාව සමග සිටි ජේසු ක්‍රිස්තුන් වහන්සේව “ජනතාවට හිතැති” රජ ලෙස පිළිගෙන ඔවූහූ උන්වහන්සේව එවක තිබූ හොදම වාහනයක් වන කොටළුවෙක් පිට නංවාගෙන ගොබ් අතු ඔසවා.. පාවඩ ලෙස කොල අතු අතුරා තමුන්ගේ රජු ලෙස පිළිගෙන “හෝසන්නා” කියමින් පෙරහරේ ගෙනයන ලදි.

අද අපි එම ගොබ් ඉරිදා සමරණ දිනය අරගලයේ යෙදෙමින් ගෝල්ෆේස් පිටියේ සිටින දහස් සංඛ්‍යාත අරගල කරුවන් මධයයේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට විරෝධය දක්වමින් එම මියගිය වින්දිතයින් සිහි කරමින් ඉටිපහන් දල්වා , ගොක් අතු අතින් දරා, සුදු මල් අතට ගෙන මිය ගිය වින්දිතයින් සිහිකරමින් පාස්කු ගීතිකා ගායනා කරමින් සියලු අරගලකරුවන්ගේ සහභාගිත්වයෙන් ගෝල්ෆේස් අරගලය භූමියේ “ගොබ් ඉරිදා ” සැමරූ අයුරු .




(තිලිණ අලහකෝන්ගේ ෆේස් බුක් පිටුවෙනි)