පුවත් පළකරන්න අල්ලස් ගන්න මාධ්‍යවේදින් මීගමුවේත් ඉන්නවද ?

0
125

mediaපුවත් පළ කිරීම සඳහා මුදල් ලබා ගන්නා මාධ්‍යවේදීන් පිළිබඳ තමන් වෙත පැමිණිලි ලැබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය රංග කලංසූරිය පවසා ඇති බව බිබිසි සංදේශය විසින් ඊයේ වාර්තා කර තිබුණි.

ඒ කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ 6 වැනි නියෝජිත සමුළුව අමතමිනි/
ඔහු වැඩිදුරටත් කියා ඇත්තේ යම් කිසි මාධ්‍යවේදියකු අල්ලස් ලබා ගන්නේ නම් එවැනි පුද්ගලයන්ට එරෙහිව අල්ලස් පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් තමන් අල්ලස් හෝ දූෂණ කොමිසමේ නව අධ්‍යක්ෂ ජෙනරාල් සරත් ජයමාන්න සමග සාකච්ඡා කළ බවය.

”ප්‍රජාතන්ත්‍රවාදය තුළ තිබෙන විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය සුද්ද කරන්නේ නම්, හතර වෙනි ආණ්ඩුව වන මාධ්‍යත් සුද්ද කරන්න අවශ්‍යයි”‍ ආචාර්ය රංග කලංසූරිය වැඩිදුරටත් සඳහන් කර තිබුණ බව බිබිසි සංදේශය වාර්තා කර තිබුණි.
විශේෂයෙන්ම ජාතික මෙන්ම ප්‍රාදේශිය මාධ්‍යවේදින් සදහාද මේ චෝදනාව බරපතල ලෙස එල්ල වෙමින් තිබේ.
මේ අකාර චෝදනා මීගමුවේ ඇතැම් මාධ්‍යවේදින් හටද පසුගිය කාලය එල්ල  වි තිබුණි.