පුස්තකාලේ කොමිස් එක ඉල්ල ගන්න නගරාධිපති හමුවිමට මන්ත්‍රිලා පෝලිමේ ?

0
54

ලක්ෂ 1600 ක් වැය කරමින් ඉදිකරන්නට නියමිත පුස්තකාල ගොඩනැගිල්ල සදහා මුල් ගල තැබුණි.
මේ උත්සවය අමතමින් නියෝජ්‍ය ඇමති නිමල් ලංසා නගරාධිපති ඇන්ටනි ජයවීර පිළිබදව ඉහලින් වර්ණනා කරමින් කථාවක්ද පවත්වා ඇති බව සැලය.
එහෙත් මීගමුවේ දේශපාලන ක්ෂේත්‍රයේ කව්රුත් දන්නා ප්‍රධාන කරුණක් වේ.
එනම් මෙම පුස්තකාලය ඉදිකිරිම සදහා මීට වසරකට පමණ කලින් සියළු කටයුතු සැලසුම් කොට තිබියදි නිමල් ලංසා සිටියේ එයට මුළුමනින්ම විරෝධය පළකරමිනි.
එහෙත් දැන් සියල්ලෝ සමගිව ඇත.
හේතුව ලක්ෂ 1600 න් අස්සෙන් එළියට එන කොමිස් මුදලයි.
මේ දිනවල නගරාධිපතිවරයාගේ කාමරයේ අසල පැය ගණන් බලා සිටින මන්ත්‍රිවරුන් පිරිසක් වෙති.
මේ පිරිස පක්ෂ විපක්ෂ යන යන දෙපිරිසෙන්ම සමන්විතය.
නගරාධිපතිවරයාද මේ පිරිස යම් ආකාරයකට මගඅරිමින් සිටින බවක්ද සැලය.
මේ දිනවල වල සිදුවෙමින් ඇති මේ ජවනිකාවන් කියා සිටින්නේ පුස්තකාලයේ ඉදිකිරිම් සිදුකරනු ලබන කොන්ත්‍රාත්කරුවා විසින් ලබාදි ඇති කොමිස් මුදලේ පංගුකාරිත්වයන් බෙදාගැනිමයි.
එය ලක්ෂ 80 ඉක්ම වන බව අප මුලදිම හෙළිදරව් කළෙමු.
ජන්මාන්තර වෛරක්කාරයන් සේ සිටි නියෝජ්‍ය ඇමති දයාන් ලංසා හා නගරාධිපති ඇන්ටනි ජයවීර අතර සමගිය ස්ථාපිත කළේද මේ ගණු දෙනු විසින්මය.
දැන් මීගමුවේ මාෆියා පාලනය හවුල් සමාගමක් අතට පත්ව තිබේ.
එනම් ජයවීර අයියාලා සහ දයාන් මල්ලා අතටය.New mayor 2011 -1