කොච්චිකඩේ -තෝප්පුවේ පිහිටි සාන්ත පිලිප්නේරි දේවස්ථානයට දී අද (28)සවස අකුණක් වැදී තිබේ. සවස 5.30ට පමණ දේවස්ථානයේ පිටුපසින් තිබූ ලවුස්පීකරයට පළමුව අකුණ වැදී ප ව ඒ හරහා අල්තාරයේ තිබූ මයික්රොෆෝනයට වැදී තිබේ. එසැණින් පූජාව පවත්වමන් සිට පියතුමා සිහිසුන්වී ඇද වැටී තිබේ. පසුව ඔහුව මීගමුව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව ද වාර්තා වේ.