පෘතුගීසි යුගයේ මීගමුවේ කතෝලික ඉතිහාසය‍‍‍.

0
577

1543 දී ලංකාවට පැමිණි ප්‍රැන්සිස්කානු ධර්මදූතවරැන් පිරිසක් (හය දෙනෙකුගෙන් යුතු) බුවනෙකබාහු රජුගෙන් අවසර ඉල්ලා සිටියා. එහෙත් රජු කැමති වුනේ නැහැ.තම ජාතික ආගම වූ බෞද්ධ ආගමට ද්‍රෝහි වූවා යැයි ජනතාව සිතතැයි රජු කල්පනා කරා.ධර්මදූතවරැන් අප්‍රසිද්ධව මෙම කටයුතු කරගෙන ගියා.ක්‍රිස්තු වර්ෂ 1551 දී බුවනෙකබාහු රජු කළුරිය කළ අතර ධර්මපාල කුමරැ රජකමට පත් වුනා. ධර්මපාල කුමරැ ජුවාම් නොයින් නැමැති ජේෂ්ඨ පියතුමෙකු යටතේ අධ්‍යාපනය ලැබූ අයෙක්. ක්‍රි.. 1551 දී ලංකාවට පැමිණී එක්තරා ප්‍රැන්සිස්කානු පියතුමකුගේ ලියවිල්ලකින් එකල ආගමික තත්වය දැනගන්නට පුලුවන්. එම ලියවිල්ලේ මීගමුව බේරැවල ගාල්ල වැලිගම ආදී ස්ථානවල ප්‍රැන්සිස්කානු දේවගැතිවරැ සිටි බවත් ක්‍රිස්තුභක්තිකයින් සිටි බවත් සදහන් වෙනවා.මීගමුවේ ක්‍රිස්තුභක්තිකයින් සිටි බව ප්‍රථමයෙන් සදහන් වන්නේත් මෙම ලියවිල්ලේයි.1551දී මීගමුවේ දේවස්ථානයක් තිබුණා. ප්‍රැන්සිස්කානු පූජකයෙක් එහි වාසය කළා. 1551 දී ධර්මපාල රජු ධර්මදූතවරැනට නිදහසේ තම කටයුතු කිරීමට අවසර හා අනුබල දුන්නා. මේ සදහා රාජ්‍ය අනුග්‍රහය ලැබීම මෙහිදී වැදගත් වෙනවා.1556දී මුහුදුකරේ බොහෝ දෙනෙකු කිතුදහම වැලද ගත්තා.හත්දාහක් යැයි ලියවිලි වල සදහන්ව තිබුනත් මෙයින් පෙනෙන්නේ සෑහෙන ජනකායක් කිතුදහම වැලද ගත් බවයි.පට්ටන්කට්ටි (පටබැදි වෙත් කණ්ඩායමේ නායකයාගේ ) බලපෑම නිසා ඔහු සමග බොහෝ දෙනෙකු කිතු දහම වැලද ගත්තා.මෙම ජනතාවගේ එවකට රැකියාව මසුන් මැරීම බව ලියවිලි වල සදහන් වෙනවා.මෙසේ වේගයෙන් විශාල පිරිසක් කතෝලික ආගම වැලද ගැනීම ඉතිහාසඥයින්ටත් ප්‍රශ්ණයක්. සමහරැන්ගේ මතය වන්නේ ප්‍රැන්සිස් සාවියර් තුමන්‍ගේ බලපෑම නිසා යන්නයි.එතුමා ඉන්දියාවට ආවේ 1542 දී. ලංකාවට ප්‍රැන්සිස්කානු දූත පිරිස පැමිණියේත් 1542 දී. ප්‍රැන්සිස් සාවියර් තුමා ඉන්දියාවේ දකුණු වෙරලේ විසූපාරා ජනතාව සමග වාසය කල බවට සාක්ෂි තිබෙනවා. දකුණු ඉන්දියානු ජනතාව හා ලාංකිකයන් අතර එවකට කිට්ටු සම්බන්දතා තිබුන නිසා කතෝලික දහම වේගියන් පැතිරීමට එය බලපෑමක් වූවා විය හැකියි.

ධර්මපාල රජු කතෝලික ධර්මය වැලද ගැනීම නිසා රජුගේ කාලයේ කතෝලික දහම වේගයෙන් ව්‍යාප්ත වුනා. ක්‍රි.. 1628 දී ප්‍රැන්සිස්කානු ධර්මදූතවරැන්ගේ ගුරැ වසම් ලයිස්තුවක් ඔවුනගේ ලියවිල්ලක සදහන් වී තිබෙනවා. එම ලැයිස්තුවේ සදහන් පරිදි මීගමුවේ දේවස්ථාන ප්‍රමාණය ඒ ඒ වසම් වලට අයත් කතෝලිකයන් සංඛ්‍යාව ගැන කරැණු හැදෑරිය හැකියි.1628 දී  ප්‍රැන්සිස්කානු නිකායික ට්‍රින්ඩාති පූජක තුමාගේ ලංකා කතෝලික ඉතිහාසය හා ජේසු නිකායික හේරෝස් පියතුමාගේ ලංකා පෘතුගීසි ඉතිහාසයට අනුව තොරතුරැ මෙසේ දැක්විය හැක. මීගමුව කොටුව දේවස්ථානය දේවමාතා වහන්සේට කැප කොට තිබුණ අතර කතෝලිකයින් 2000ක් පමණ වාසය කලා. මේ අතරට කොටුවේ සිටි පෘතුගීසි ජනයාද අයත් වුනා.දැනට පෘතුගීසි භාෂාව කතා කරන අය මේ අවට දක්නට පුලුවන්.