පෙට්ටියට ඥාතීන්ගෙන් 20,000ක් ඉල්ලයි…

0
86

( 10.30 pm ) කොවිඩ් – 19 වෛරසය ආසාදිත වීමෙන් මිය යන අයගේ ආදාහන කටයුතු සඳහා රජය විසින් පවුලේ ඥාතීන්ගෙන් රුපියල් 20,000ක මුදලක් අය කරන බව අද (23)පාර්ලිමේන්තුවේදී අනුර දිසානායක මන්ත්‍රීරයා හෙළි කළේය.

අසරණ භාවයට පත්වී සිටින ඥාතීන්ගෙන් මෙම මුදල අයකරනු ලබන්නේ කොවිඩ් මර්දන අරමුදලේ 84%ක මුදල් ප්‍රමාණයක් ඉදිරිව තිබියදී බවද මේ දක්වා එකතුවී ඇති මුදල්වලින් වියදම් කර ඇත්තේ 16%ක් පමණක් බවද මන්ත්‍රීවරයා අනාවරණය කළේය. මෙම අරමුදලින් මුදල් වියදම් කර මියයන ආසාදිතයන් වෙනුවෙන් පෙට්ටියක් හෝ ලබා දීමට කටයුතු නොකරන්නේ මන්දැයි ප්‍රශ්න කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here