පෙත්සම් කොතෙක් අත්සන් කළද විසඳුමක් නැති පෙත්තන් ඇලේ ප්‍රශ්ණය .

0
852

IMG-20190809-WA0042මීගමුව දළුපත ග්‍රාමය මැදින් ගලාගෙන ගිය පෙත්තන් ඇල නමින් හඳුන්වන මෙම ඇල පරිසරයට කිසිදු හානියක් නොකරමින් ගලාගෙන ගිය ආකාරය ප්‍රදේශවාසීන් නිතර මතකයට නගයි. මෑතක් වනතුරු , මෙම අැලෙන් සමහරු විවිධ වර්ගයේ මසුන් දැල්වලින් සහ බිලී බෑමෙන් අල්ලා ගත්හ. නමුත් අද මෙම ඇල විසින් ප්‍රශ්ණ ගනනාවක් මතු කරන , විෂ මිශ්‍ර වූ ජලය සහිත ඇල මාර්ගයකි.
ඩෙංගු රෝගීන් වැඩි ප්‍රමාණයක් සිට ඇත්තේ මේ අවටය. වැසිදිනවලදී ඇල අවට නිවාස ගනනාවක් ගංවතුර නිසා පීඩාවට පත්වේ.
මෙවැනි තත්වයක් තිබියදී දළුපත , පිල්ලෑව පාරේ ,අංක 85, වරිපනම් අංක 9/4 දරන නිවෙසට අදාල ස්ථානයේදී එම නිවස හිමි අය විසින් ඇලේ මෙම ස්ථානයේදී අවහිර කර ඇත .
මේ අනුව අඩි 30ක කොන්ක්‍රීට් ලෑල්ලක් යොදා පස් දමා ගොඩකර එම නිවසෙහි මිදුල සේ සකස්කර ඇත .
එසේම උතුරින් හා දකුණින් තාප්ප ගසා ඇති නිසා මෙහි ඇලක් ඇති බවක් නොපෙනේ. මෙකී ස්ථානයෙන් ජලය නිසි ලෙස ගලාගෙන නොයාම නිසා උතුරු පැත්තේ ඇති නිවාස 13ක් පමණ වතුරින් යටවේ. ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම මත මීගමුව නගරසභාව බැකෝ යන්ත්‍ර මගින් මෙම ස්ථානය කඩා ඇල සුද්ධ කිරීමට පැමිණි අවස්ථාවේදී එය වලක්වා පැමිණි නගරසභාවේ පිරිස හරවා යවා ඇත්තේ එවකට උප නගරාධිපතිවරයාවූ සේපාල මොරවකය. එම කටයුත්ත දැන් සිදු කරන්නේ වර්තමාන උප නගරාධිපතිවරයා වන පරිස්ය. නගරාධිපතිවරයාද වරක් මෙම ස්ථානය කඩා ඇල සුද්ධ කිරීමට පැමිණියද පසුව තමන්ට එහි න වගකීම දැරිය නොහැකි බව කියා මගහැරිය ආකාරය මේ ගැන මැදිහත්ව කටයුතු කරන සෙනෙවිරත්න මහතා පෙන්වා දෙයි.
ඒ මහතා විසින් මීගමුවේ මහ නගරසභාව ඇතුළු අදාල සියළු වගකිවයුතු ආයතන සහ නිලධාරි මහත්වරුන්ට පෙත්තම් ඇල සම්බන්ධව පෙත්සම් ඉදිරිපත් කරමින් කටයුතු කළද විසඳුමක් ලැබිය නොහැකි විය . ඒනිසා මේ වනවිට ඔහු මෙම ප්‍රශ්ණය මීගමුවෙන් පිටස්තරව ගම්පහ දිස්ත්‍රික් නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වෙත යොමුකර ඇත .
මෙම ප්‍රශ්ණයේදී වගකිවයුත්තන් මගහරී නම් ප්‍රදේශවාසීන් කුමක් කරන්නද. වැටත් , නියරත් ගොයම් කානම් කාට කියමුද මේ අමාරුව යන ප්‍රස්ථා පිරුල සිහිවන්නේ මෙවැනි අවස්ථා වලදීය . නමුත් ඉතිහාසය පුරා මෙම වගකිවයුතු අය ප්‍රශ්ණ විසඳා ඇත්තේ ඒවෙනුවෙන් ජනතාව කළ අරගලයේ ප්‍රමාණය මතබව අපි අවබෝධ කර ගතයුතුය.