පෙබරවාරි 11 වෙනිදා රට පනින අයෙක් ගැන කසුකුසුවක් !

0
58

stock-photo-schiphol-amsterdam-netherlands-april-boeing-fdz-a-bfe-of-qatar-airways-cargo-4853847852015 ජනවාරි 08 වෙනිදා මෙරට තුල යහපාලනය ස්ථාපිත කරමින් මහින්ද රාජපක්ෂ පාලනය පලවා හැරිය පසු එහි ප්‍රබලයෙකු කිසිවෙකුටත් නොකියා රටින් පිට ගිය අයුරු ගැන එදා විශාල සමාජ කතිකාවක් රටතුල මතුව තිබුණි.
දැන් තවත් කථා බහකි.
ඒ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රබල ගෝලයා පිළිබදවය.ජෙයාරාජ් ප්‍රනාන්දුපුල්ලේ අතැවැසි සුවච කිකරු ගෝලයෙකු ලෙස දේශපාලනයේ අකුරු  ඉගෙන ගත් නිමල් ලංසා පෙබරවාරි 05 වෙනිදා කටුනායකදි පැවැති පොහොට්ටු රැස්විමේදි ජෙයරාජ් මහතාගේ බිරිද රාජ්‍ය ඇමතිණි සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ හදුන්වා දි තිබුණේ අම්මණ්ඩි යැයි කියාය.
ඒ නිමල් ලංසා බැසිල් රාජපක්ෂලා ඇතුලු රාජපක්ෂ නඩයෙන් උගත්භාෂාව අවස්ථාවාදි දේශපාලනයයි.
කෙසේ වෙතත් 2018 පෙබරවාරි මාසයේ 11 වෙනිදා එළිවෙන්නට බැසිල් රාජපක්ෂ අනුගමනය කරමින් සිය ප්‍රධාන ගෝලයාද ඒ මග යනු ඇතැයි ප්‍රබල කථා බහක් දැන් මීගමුව තුල මතුව ඇත.