පෙරිමුල්ල පල්ලියේ ආරක්ෂාව තරකෙරේ!

0
310

periyamulla churchපෙරියමුල්ල දේවස්ථානයේ ආරක්ෂාව තරකර ඇතැයි වාර්තාවේ.මේදෙව්මැදුරේ වාර්ෂික මංගල්‍යය මේ ඉරුදිනට යෙදි තිබේ.මෙයට සමගාමිව වෙනත් කිසිදු දේවස්ථානයක නැති අන්දමේ ආරක්ෂක වැඩපිළිවෙළවල් රැසක් ක්‍රියාත්මකව පවති.දේවස්ථානයේ ගේට්ටුව අසලම ටී 56 අතදරා සිටින හමුදා භටයන් තිදෙනෙකි.මෙයට අමතරව පල්ලිය විසින් යොදවා ඇතැයි කියන කලු ඇදුම් ඇගලාගත් විශේෂ ආරක්ෂකයන් දෙදෙනෙකි.මේ අයට ලොකු වේතයක්ද ගෙවන බව සැලය.මෙයට අමතර ක්‍රියාත්මකව ඇති සුවිශේෂී ස්කැන් යන්ත්‍රයකි.පල්ලියට එන සියලු දේව බැතුමතින් බැතිසිතින්ම මේ හරහා යා යුතුව ඇත.අතඔරලෝසුවේ සිට කීක් කීක්ගෑමට නියමිත සියලු දැ ඉවත්කොට මේ ඔස්සේ යා යුතුය.වෙනදා මෙන් මේ දෙව්මැදුරේ බැතිමතුන්ට දිව්‍ය පූජා යාගය තුලදි පඬුරු පෙරහැරේ ගෙන යාමද තහනම්ය.ඒ වෙනුවට මුදල් පමණක් ලබාදිය හැකිය.වරෙක බැතිමතුන්ට යම් අපහසුවක් පවා ඇතිකරමින් වෙනත් කිසිදු දේවස්ථානයක ඇති යැයි අසා නැති මේ සුපිරි ආරක්ෂක වැඩපිළිවෙළ ගැන විවිධ  විවේචනද පවති.මේවා වැඩි වැඩ යැයිද දෙවියන්ටද අපහසයක් යැයිද මේ ඇතැම් කර්කශ විවේචන අතර පවති.මේ ගැන පල්ලියේ පියතුමාගෙන් විමසා සිටි අයෙකුට පියතුමා විසින් කියා ඇත්තේ කාර්දිනල්හිමි විසින් තමන්ගේ පල්ලියේ ආරක්ෂාව තමන්ම විසින් සකසා ගතයුතු බව දන්වා ඇති නිසා මේ සියලු ආරක්ෂක විධිවිධාන සලසා ගත් බවය.මේ පිළිබද මිපුර අමතා සිය අදහස් ඉදිරිපත් කළ මීසම්වාසියෙකු කියා සිටියේ පල්ලියකට තරම් නොවන මේ ඇතැම් විහිළුසහගත වැඩි වැඩි මීසම්සභාවේ ඇතැම් පණ්ඩිතයන්ගේ යෝජනාවන් බවය.ග්‍රාමසේවකවරයෙකුගේ පුතෙකු ගැනද තවත් මීසම්වාසියෙකු මීපුර අමතා තවදුරටත් කරුණු පැහැදිලි කර සිටියේය.පල්ලියේ ආරක්ෂාව මේ ආකාරයෙන් තරකරන්නට කටයුතු කර ඇති අදාල බලධාරින් මෙවර මංගල්‍ය පෙරහැර වෙනදා මෙන් නොව තවත් දිග් කරන්නට කටයුතු යොදා ඇති බවද සැලය.මේ දිගුව මෙවර මුස්ලිම් ජනයා බහුතරයක් වෙසෙන පාරවල් කිපයක් ඔස්සේද ගමන් කරවිමට සැලසුම් කර ඇති බවද කියැවේ.එහි අරමුණ කුමක්ද යන්න තවමත් පැහැදිලි නැතැයිද අපට සිය අදහස් පළකළ තවත් මීසම්වාසියෙකු කියා සිටියේය.