පෙරියමුල්ලේ අන්සාර් හෝටලයේ ප්‍රහාරයට පැමිණි මැරයන් හදුනා ගැනේ !

0
105

IMG-20200309-WA0061එක්පුද්ගලයෙකු කපා කොට ඝාතනය කොට තවත් දෙදෙනෙකුට බරපතල තුවාල සිදුකළ මැරයන් පිරිස කව්රුන්ද යන්න මේ වන විට පොලිසිය විසින් හඳුනාගෙන ඇතැයි වාර්තාවේ.
ඊයේ රාත්‍රි 9.30 පමණ මැස්ඩා බොන්ගෝ වර්ගයේ රථයකින් පැමිණ පෙරියමුල්ලේ අන්සාර් හෝටලය තුල මත්පැන් පානය කිරිමට අවශ්‍ය බව කියා සිටිමත් සමගින් ඇතිව තිබුන බහින් බස් විමකින් පසු තියුණු ආයුධවලින් කපා හෝටලයේ සේවකයෙකු ඝාතනය කොටදෙදෙනෙකු ට බරපතල තුවාල සිදුකර තිබුණි.
මෙසේ මිය ගොස් ඇත්තේ අනසාර් හෝටලයේ ආප්ප දමමින් සිටි අසිස් නැමැති අයෙකුය.බරපතල කැපුම් තුවාල සහිතව අසාධ්‍ය තත්වයෙන් සිටි අයෙකු මිගමුව රෝහලට ඇතුලත් කිරිමෙන් පසු කොළඹට මාරු කර යවා තිබේ.
මෙම අපරාධය සිදුකළ පිරිසගේ ජායාරූප ද ඊයේ රාත්‍රියේම පොලිසිය අතට පත්ව තිබුන අයුරු එහි සිටි මාධ්‍යවේදින් පවා දැක තිබුණි.
මේ පිරිස කටාන ප්‍රදේශයේ අය බවට වාර්තා වන අතර මිගමුවේ සංචාරක කලාපයේ හෝටල් හිමිකරුවෙකු හා ඉතා සමිපව කටයුතු කරන පිරිසක් බවට වන රාවයක්ද මේ පවතී.