(6.48) කොළඹ හලාවත ප්‍රධාන මාර්ගය වෙත දිවුලපිටිය පාරේ සිට එන අතුරු පාරත්, කොච්චිකඩේ සිට පැමිණ බ්‍රවුන්ස් බීච් හෝටලය ඉදිරිපිටින් පෙරියමුල්ල පල්ලිය අසලින් එන පාරත් මුණගැසී හතරමංහදියක් හැදෙයි. මෙම පාරවල් වල වාහන පෝලිම පෝය දිනවල සෙනසුරාදා සහ ඉරිදා බීච්පාක් යාමට එන වාහන නිසා වැඩි තදබදයක් ඇතිවේ. එසේ වන්නේ හලාවත – කොළඹ පාරේ මාර්ග සංඥාා වැඩිවේලාවක් ක්‍රියාත්මක වන බැවින් සහ අතුරු පාරවල් සදහා ලැබෙන්නේ කෙටි කාලයක් බැවිනි. මේ නිසා පෙරියමුල්ල පල්ලිය අසලින් එන අතුරුපාරේ වාහන පෝලිම ඔලිපුඩ් දක්වා දිගුවේ. මෙම තදබදයට මූලිකවන්නේ පුත්තලම, හලාවත ප්‍රදේශවලින් බීච් පාර්ක් ඇතුළු පැමිණෙන මගීන් වෙරළ වෙරළ තීරුවේ සිට ප්‍රධාන පාරට පැමිණිය හැකි විකල්ප මාර්ග පිළිබදව අවබෝධයක් නැති නිසා බව ප්‍රදේශවාසීන් පවසති. කොච්චිකඩේ සිට එනවිට ඇති ඒත්තුකාල පාර කට්ටුව ප්‍රදේශයෙන් කොළඹ- හලාවත ප්‍රධාන පාරට වැටේ. ඒ එක් විකල්ප පාරකි. මේ සදහා පොලීසිය මැදිහත් වී පාරවල් නම් කරන්නේ නම් මෙම තදබදය මගහැරවිය හැකි බවට ඔවුන් අදහසයි