පෙරියමුල්ලේ හෝටලයකදි ඝාතනයක් සිදුකළ සැකකරුවන් පිරිස අද අධිකරණය හමුවට !

0
76

අන්සාර් හෝටලයමීගමුව පෙරියමුල්ල අන්සාර් හෝටලයට පැමිණ මත්පැන් බිමට අවැසි බව කියා කලබලයක් ඇතිකළ මැරයන් පිරිසක් පසුව එම හෝටලයේ සේවකයන් සමගින් ඇතිකරගත් ආරවුලක ප්‍රතිඵලයක් ලෙසින් එක් අයෙකු කපා කොටා ඝාතනය කර තිබුන අතර තවත් දෙදෙනෙකු බරපතල කැපුම් තුවාල සහිතව රෝහල් ගත කෙරුනි.
ඊයේ දිනයේ පොලිසියට භාරවු මේ මැරයන් පිරිසගෙන් ප්‍රකාශ සටහන් කිරිම ඊයේ දිනය පුරාම සිදුව තිබුණ අතර මේ පිරිස අද උසාවියට ඉදිරිපත් කිරිමට නියමිතය.
මේ මැර පිරිස දිවුලපිටිය,කිඹුලපිටිය සහ කටුවැල්ලේලම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හදුනාගෙන ඇත.