පෙරියමුල්ලේ හෝටලයක සිදුව ඇති ගැටුමකින් පුද්ගලයෙකු මිය යයි ,දෙදෙනෙකුට බරපතලයි !

0
210

IMG-20200309-WA0026IMG-20200309-WA0041IMG-20200309-WA0053IMG-20200309-WA0029මීගමුව පෙරියමුල්ලේ අන්සාර් හෝටලයට කෑම සදහා පැමිණි පිරිසක් හෝටලයේ සේවකයන් හා ඇතිවු තිබුණ බහින් බස්විමක් දුරදිග යෑම හේතුවෙන් ඇතිවු ගැටුමකින් හෝටලයේ සේවකයෙකු මරාන්තික කැපුම් තුවාල සහිතව එම ස්ථානයේම මිය ගොස් ඇති අතර තවත් හෝටල් සේවකයන් දෙදෙනෙකු බරපතල තත්වයෙන් මිගමුව රෝහලට ඇතුලත් කර ඇතැයි වාර්ථා වේ.
අද රාත්‍රි 9.30 ට පමණ මෙසේ හෝටල් සේවකයන්ට පහරදි කපා කොටා ඇති පිරිස පැමිණ ඇත්තේ මැස්ඩා බොන්ගෝ වර්ගයේ වෑන් රථයකිනි.  ඒ WP – PA 2394 අංක දරණ එකි වෑන් රථයෙන් වන අතර 6 දෙනෙකු පමණ පැමිණ ඇති බවද සැලය.
මේ පිරිස ඝාතනයන් සිදුකිරිමෙන් අනතුරුව පලා ගොස් තිබේ.
මෙය කිසියම් පිරිසක් කල් ඇතිව සැලැසුම් කරන ලද්දක්ද යන සැකය මතුවෙමින් ඇත්තේ ආයුධද රැගෙන මෙසේ පැමිණ තිබිම නිසාය.
කෙසේ වෙතත් මිගමුව පොලිසිය මේ ගැන වැඩි දුර විමර්ශන සිදුකරමින් තිබේ.
.IMG-20200309-WA0061IMG-5e36bebe010bb4f3f6bd0eff19212d71-V