පෙරියමුල්ල පල්ලියේ මංගල්‍ය වෙනුවෙන් සිදුකළ යුතු පාරවල් සැදිම් ඇතුළු විවිධ පිළිසකර කිරිම් සදහා ආණ්ඩු පක්ෂ විපක්ෂ දේශපාලකයන් අතර තරඟයක් මතුව ඇතැයි වාර්ථා වේ.
පල්ලියෙන් කරුනු ලැබු ඉල්ලිමකට අනුව පළමුව නගරාධිපතිවරයා ඒ අවශ්‍ය කටයුතු කරදිම සදහා ඉදිරිපත්වි අදාල කටයුතු කරමින් සිටියදි ප්‍රදේශයේ එජාප මන්ත්‍රිවරයාගෙන් එයට විරෝධයක් මතුව තිබෙන බැව් සැලය.
මේ අතර දේශපාලන කේලම් කියාගැනිමක්ද සිදුව තිබේ.
ඒ තවත් මන්ත්‍රිවරයෙකුගේද නමක් සදහන් කරගනිමින්ය.
අරුමය වන්නේ මේ සියලු වැයකිරිම් මේ කිසිදු දේශපාලකයෙකු ගෙදරින් ගෙනත් කරන ඒවා නොවන බැවිනි.
ඒවා සියල්ල මහජන බදු මුදල්ය.
එහෙත් තරඟය ඇත්තේ නම කොටා ගැනිමටය.