පෙරියමුල්ල පිට්ටනිය මල්වත්තක් කරමු.

0
69

පෙරියමුල්ල ප්‍ර දේශයේ මිය ගිය කිතුණු බැතිමතියකගේ භූමදාන කටයුතු සදහා පෙරියමුල්ල පල්ලිය අසල වු මිනි පිට්ටනියේ අදාල සියළු කටයුතු සැකසෙමින් තිබියදි හදිසියේ කිතුණු සභාවේ ඉහලින් පැමිණි නියෝගයක් හේතුවෙන් පල්ලියේ පිට්ටනිය ඇයගේ භූමදානයට ලබාදිය නොහැකි බව අදාල ඥාතින් වෙත දැනුම් දිමට පල්ලියේ පියතුමාට සිදුවිය.මෙයට හේතුව වි ඇත්තේ ප්‍රදේශයේ පිරිසක් විසින් මීගමුවේ කිතුණු නායකයෙක් වෙත පවසා ඇත්තේ මිය ගිය තැනැත්තිය හොද කල්කිරියාවෙන් සිය ජිවිතය ගතකර නැති නිසා පල්ලියේ  පිට්ටනියට  ලබා දිය නොහැකි බවය.

මරිය මද්ගලේනා නම් වු ගැහැණිය පව්කාරියක හෙයින් ඇය ගල් ගසා මරාදමන්නට මිනිසුන් පොදි කමින් සිටින විට ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ඒ අයට පවසා තිබුනේ මේ පිරිසෙන් පව්කාරයකු නොවන තැනැත්තා පළමු ගල ගැසිය යුතු බවය.

පසුව එකිනෙකාගේ අතින් ගල් බිම වැටුනි.

දැන් පෙරියමුල්ල පිට්ටනිය මල්වත්තක් නොකර වෙන කුමක් කරන්නද ??