පෙරියමුල්ල මාක් පිට්ටනියේ වැට දිගේ වවල තිබුණ මල් ගලවපු වැඩ බැරි ටාසන්ලා කව්ද ?

0
240

පෙරියමුල්ල මාක් පිට්ටනිය ප්‍රදේශවාසින්ගේද සහයෝගය සහ දායකත්වය මත පසුගිය කාලය තුල කිසියම් විධිමත් සැලැස්මක් මත පිළිවෙල වෙමින් තිබුණ අතර එහි වැට දිගටම ලස්සනට මල් වැවිමටද ප්‍රදේශවාසින් සිය දායකත්වය සපයා තිබුණ බව මිපුර අමතා කථා කළ නාගරික මන්ත්‍රි කපිල නන්ද සුලෝචන පවසා සිටියේය.

එහෙත් මේ පැත්ත පළාතේවත් ඉන්නටවත් බැරි වුන ඇතැම් වැඩබැරි ටාසන්ලාගේ කුමන්ත්‍රණයක් හේතුවෙන් නාගරික කොමසාරිස්වරිය ලවා මේ මල්වැටවල් කපා විනාශ කර දමා ඇතැයි කපිල මන්ත්‍රිවරයා බරපතල චෝදනාවක් කර සිටියේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ගමේ සෙනගගේ මුදල් වලින් හිටවපු මල් වැට හෙට යළිත් ස්ථාපිත කිරිමට අනිවාර්යෙන්ම නාගරික කොමසාරිස්වරිය කටයුතු කළ යුතු බවය.
කේලම්කාරයන්ගේ සහ වැඩබැරි ටාසන්ලාගෙ කුමන්ත්‍රණ නිසා නාගරික කොමසාරිස්වරිය විසින් සිදුකර ඇත්තේ බරපතල වරදක් බව ඇයට තේරෙන භාෂාවෙන් පැහැදිලි කර දුන් බවද කපිල මන්ත්‍රිවරයා තවදුරටත් කියා සිටියේය
රටේ ජනාධිපතිවරයා හැම විටම කල්පනා කරන්නේ කුණු කසල නිසි ලෙසින් කළමණාකරණය කොට ලස්සන පරිසරයක් නිර්මාණය කිරිමට වුවද වැඩ බැරි ටාසන්ල ඒවායින් වැඩක් නැතැයි මිපුර අමතා කියා සිටියේ මේ ස්ථානයේ මල්වැවිමට දායකත්වය ලබාදුන් ක්‍රියාකාරි සමාජිකයෙකි.
ක්‍රිඩා පිටියේ වැට මායිමට කුණු ගෙනත් දැමිමට ඇතැමුන් කටයුතු කරමින් තිබුන පසුබිමක මේ මල්වැට ප්‍රදේශවාසින් එක්ව සිටවු බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.