රටම බියෙන් මුසපත් කරගෙන සිටින මේ කොරෝනා වෛරසය හමුවේ සමස්ත ජනසමාජයම මුහුණු දි සිටින්නේ තීරණාත්මක අර්බුදයකටය.මේ තත්වය පාලනය කිරිම සදහා රජය විසින් ගෙන ඇති ඇඳිරි නීති තත්වය හමුවේ ජනයා තවත් පිඩාවට ලක්ව ඇත්තේ එදිනෙදා අවැසිතා සපුරාගැනිමට ඇති දුෂ්කරතාවයද හේතුවෙනි.මේ පසුබිම යටතේ පෙරියමුල්ල මුස්ලිම් සමාජය අද දැවැන්ත සමාජ මෙහෙවරකට උර දි තිබුණි.ඒ රුපියල් 700ක වටිනාකමකින් යුත් සහන මලු 2000ක් ජනයා අතර බෙදා දිමට පියවර ගැනීමෙනි.ජනතාව අතර මෙය බෙදා දිම සදහා මිගමුව මුලස්ථාන පොලිස් පරික්ෂක වුඩ්ලර් මහතාද එක්ව තිබුණි.මෛ සහන මලු ජාති ආගම් භේදයකින් තොරව මේ අවැසිතාව ඇති සැම අතරේම බෙදා හැර තිබුණි.