පෙරියමුල්ල ලාසරස් පාරේ කුණු ප්‍රශ්ණය ! කව්ද හරි ? කව්ද වැරදි ?

0
29

පෙරියමුල්ල කුණුපෙරියමුල්ලේ ලාසරස් පාරේ දැන් කලක පටන් කුණු අර්බුදයක් වර්ධනය වෙමින් තිබේ.මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාල නිළධාරින් කියා සිටියේ කුණු නිසි පරිදි වෙන්කොට පමණක් නගර සභා රථ වලට භාර දෙන්නට යැයි කියා තිබුනද එසේ නොකර පෙරියමුල්ලේ ලාසරස් පාරේ කුණු ගොඩට මෙසේ හොර රහසේ ඒ ප්‍රදේශයේ අය කුණු ගෙනවිත් දමන බවය.
මේ පිළිබදව ප්‍රදේශවාසින් කියා සිටින්නේ නගර සභාව විසින් නිසි පරිදි කුණු ඉවත් කිරිම සිදුනොකරන බවත් පිටත ප්‍රදේශවල අය මෙතනට කුණු ගෙනවිත් දමා යන බවත්ය.
එහෙත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු වරක් අප වෙත කියා සිටියේ එක්තරා දිනයක රාත්‍රි කාලයක පෙරියමුල්ල ප්‍රදේශයේ වැදගත් අයෙකුවද මෙසේ කුණු විසි කරද්දි අල්ලා ගත් බවය.
කෙසේ වෙතත් මේ  ප්‍රශ්ණය කඩිනමින් විසදා ගත යුතුව තිබේ.