පෙරියමුල්ල සෙල්ලකන්ද පාලම අබලන්විමට තාවකාලික විසඳුම් එපා

0
87

පෙරියමුල්ල සෙල්ලකන්ද වත්ත ප්‍රදේශයේ ඇති මගී පාලම දැනට සති කීපයකට පමණ පෙර වර්ෂාවත් සමග කඩා වැටුණ අතර මේ හේතුවෙන් එම ප්‍රදේශයේ සිට මීගමුව නගරයට ගමන් කරන ජනතාවට මහත් පීඩාවන්ට මුහුණදීමට සිදුවිය.නගරයට එන ජනතාවට වෙනත් විකල්ප මාර්ග හරහා ගමන කරන්නට සිදුවූ  අතර මීගමුව නගර සභාවෙන් මෙම පාලම තාවකාලිකව පිළියම් කර තිඛේ. මෙම පාලම ස්ථීරව නැවත ගොඩනැගීම සම්බන්ධයෙන් වගකීම ගන්නේ කවුරුන්ද යන්න පිළිබදව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සාෆි රහීම් මහතාගෙන් අප කළ විමසුමකදි ඔහු කියා සිටියේ මේ වනවිට මෙම පාලම අලුතෙන් තැනිමට අදාළ මූලික ඇස්තමේන්තු සකස් කිරීම සදහා  පළාත් මාර්ග ඉංජිනේරු  කාර්යාලයට යොමු කිරීමෙන් පසුව පළාත් සභාව හරහා හෝ පාර්ලිමේන්තුව හරහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාගැනීමට කටයුතු කරන බවයි. 2 ඡායා – එම් ඉෂෙඩ් සාජහාන්