පොලිසිය මාරයි ! නිමල් ලංසා රැවටිලිකාරයෙක් යැයි රටටම ඔප්පු කර හමාරයි !

0
282

????????????????????????????????????

illegal lansa 4

නිමල් ලංසා දිගින් දිගටම මීගමුවේ ඡන්ද දායකයන්ව රවටමින් සිටි. ඒ මෙවර මැතිවරණයට ඔහුද ඉදිරිපත් වන බව අගවමිනි.
ගෙයින් ගෙට යමින් කාඩ් බෙදමින් නිමල් ලංසා කියන්නේ තමන්ට ඡන්දයක් දෙන්න කියාය.
එමෙන්ම නගරය පුරා දවස ගානේ විවිධ වෛවර්ණ පෝස්ටර් අලවමින් කියා සිටින්නේද තමන්ව දිනවන්න  යැයි කියාය.
මීගමුවට ඇත්තේද අපුරු පොලිසියකි.
මැතිවරණ නීති අමු අමුවේ කඩන නිමල් ලංසාව පාලනය කිරිමට මැතිවරණ කටයුතු භාරව සිටින දිසානායක මහතා කිසිසේත්ම හැකිවි නැත.
ඔහුට දුරකථන ඇමතුම් දෙමින් විවිධ පැමිණිලි කළද ඉන් කිසිදු පලක් නොවන බව අපටද පැමිණිලි කරමින් විවිධ ප්‍රදේශවල දේශපාලන ක්‍රියාකාරින් කියා ඇත.
රටතුල යහපාලනය ස්ථාපිත කළද මීගමුවට යහපාලනය ගලා ඒමට ලංසා පවුලේ කළු සල්ලි හරස් වි ඇති අයුරු අපි දිනෙන් දින ප්‍රත්‍යක්ෂ කරගනිමින් සිටින්නෙමු .
මැතිවරණ නිරික්ෂණ සංවිධාන ප්‍රසිද්ධියේ වරක් රටටම කියා සිටියේ  නිමල් ලංසා යනු පාලනය කරගත නොහැකි මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝණය කරන රටේ දේශපාලකයන් 4 දෙනාගෙන් එක් අයෙකු බවය.
ඒ ප්‍රකාශයෙන් ඉතා පැහැදිලි වන්නේ මීගමුව පොලිසියේ අතිශය භායානක නොහැකියාව නොවේද ?
මේ අර්ථයෙන් ගත් කළ මැතිවරණ කටයුතු භාර පොලිසි නිළධාරියා වු දිසානායක මහතා මෙන්ම මුලස්ථාන පොලිස් පරික්ෂක වුඩ්ලර් මහතා මේ අරභයා අසාර්ථක නිළධාරින් බව රටටම කියා හමාරය.
මේ පසුබිම පිළිබදව දැනමත් අවදියෙන් සිටින මැතිවරණ නිරික්ෂණ සංවිධාන දැනටමත් මේ තත්වයන් පිළිබදව පොලිස්පතිවරයාවද දැනුවත් කිරිමට පියවර ගනිමින් සිටි.