පේරුවේ ධිවරයන්ගේ වන්දි කැපුවේ කව්ද ?

0
182

එක්ස්ප්‍රස්  පර්ල් නෞකාවෙන් මෙරටට වුණු හානියට වන්දි ලැබීමට තිබු ඇමරිකානු ඩොලර් බිලියන 7ක මුදල ඩොලර් බිලියන 3ක් දක්වා අඩු වී ඇති බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරැන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.

ස්ථාවර නියෝග 27/2 යටතේ අද (30දා) පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

එමෙන්ම මෙම වන්දි මුදල ඩොලර් වලින් ලැබීමට තිබුණද එම මුදල රුපියල් වලින් ලබා ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවේ එකඟත්වය පළ කර තිබෙන බවත්, එය කණගාටුදායක තත්ත්වයක් බවත් අමාත්‍යවරයා පැවසීය.

මේ අතර මෙම නෞකාවෙන් සිදුවූ හානිය අපරාධයක් බවත්, ඒ අනුව කඩිනමින් ඊට අදාලව නඩු පැවරීමට කටයුතු කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට සඳහන් කරන බවත් රාජ්‍ය අමාත්‍ය අරැන්දික ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය

මේ අතර ඊයේ පෙරවරුවේ මිගමුව ධිවර කාර්යාලයට පැමිණි මිගමුව පිටිපන පේරුවේ ධිවරයන් විමසා සිටියේ දෙවරක් ලබා දුන් වන්දිය අනෙක් ධිවරයන්ට මෙන්ම තෙවන අදියර නවතා දැමුවේ ඇයිදැයි කියාය.පේරුවේ ධිවරයන් කියා සිටියේ ඔවුන් කලපු ධිවරයන් යැයි බළධාරින් විසින් කියා සිටියද ඔවුන් කියන්නේ අපි ධිවරයන් බවය.
මුහුදේ වාරකන් කාලයේදි කලපුවේ රැකියාවේ නිරතවන ඔවුන් මුහුදේ වලාල කලායේදි මුහුදු රැකියාවේ යෙදෙන බවය.

තතු එසේව තිබියදි තුන්වන අදියරේ වන්දිය නොදිමට තිරණය කළ අය කව්දැයි විමසා සිටිති.
ඔවුන් නම් සදහන් කරමින් දෙදෙනෙකු හට චෝදනා කර සිටියහ මින් එක් අයෙකු කතෝලික පියතුමෙකි.