පොකිරිස්සන් අත්අඩංගුවට

0
917

DSC04918

කැපුන්ගොඩ ප්‍රෙද්ශයේ මුහුදේදී  ධීවරයෙකු විසින් විකිණීමට සූදානම් කර තිබූ පොකිරිස්සන්  33ක් ධීවර කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. රුපියල් 40000ක් පමණ වටිනා මෙම පොකිරිස්සන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ධීවරයෙකු විසින් පොකිරිස්සන්  විකිණීම සදහා  මුහුදේ  දී අල්ලා  පණපිටින් කොටුකර තබාගෙන  තිබු අවස්ථාවේදීය.  මෙම වැටලීමට  ප්‍රධාන හේතුව වී ඇත්තේ පෙබරවාරි මාසයේ ,සැප්තැම්බර් හා ඔක්තෝම්බර් යන මාසවලදී මෙම සතුන් පැටව් බෝකරන කාලය බැවින්  පොකිරිස්සන් ඇල්ලීම මේ කාලය තුළ තහනම් කර තිබීමයි. මමේ පිළිබඳව මීගමුව ධීවර කාර්යාලය දැනුවත්වීමෙන් පසු  මෙම මෙහෙයුම ඊයේ පෙබරවාරි   25 වනදා සිදුකරන ලදී. පසුව 25 වනදා සවස මීගමුව අතිරේක මහේස්ත්‍රාත් පී.එම්.ටී බන්ඩාර මහතා විසින් මෙම පොකිරිස්සන් නැවත මූධට මුදාහරින ලෙස නියෝ කරන ලදී. ඒ අනුව  ඊයේ සවස දූව ප්‍රෙද්ශයේ මුහුදේදී මෙම පොකිරිස්සන් මුදාහරින ලදී.
මෙම වැටලීම මිගමුව ධීවර කාර්යලයේ සහකාර අධ්‍යක්ෂක  රංජිත් බන්ඩාර,  ධීවර සම්පත් කළමනාකාර සහකාර ලසන්ත වීරවර්ධන ඇතුළු තවත් ධීවර පරීක්ෂකවරුන් වන, සී. නානායක්කාර, යූ. පෙරේරා,මාරසිංහ යන කණ්ඩායම විසින් සිදුකරන ලදී.
ඊයේ සවස දූව ප්‍රෙද්ශයේ මුහුදේදී මෙම පොකිරිස්සන් නැවත මුදාහැරීම වාර්තා කිරීමට ලක්බිම හා වීරකේසරි පුවත්පත්වල මීගමුව වාර්තාකරුවන් මෙම අවස්ථාවට සහභාගී වෙමින්.

ඡායා – එම්.ඉෂෙඩ් සාජහාන්