පොඩ්ඩක් වැස්සොත් යටවෙන වෙන්නප්පුව ?

0
136

කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයේ වෙන්නප්පුව නගර සීමාව තුල වර්ෂා කාලයන්හි එකතුවන වැසි ජලය නිසි පරිදි බැසයාමට කාණු පද්ධතියක් නොමැති හෙයින් පදික ජනතාව වාහන රියදුරන් දැඩි අපහසුවට පත්වන බව එම ජනතාව පවසති සාන්ත ජොශප් වාස් විදුහල ඉදිරිපිට ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට හා ලුණුවිල හන්දිය යන ස්ථාන වල විශාල වශයෙන් ජලය එකතුවන බවත් මේ පිළිබඳව වගකිවයුතු නිළධාරින්ට මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරියට අවස්ථා ගණනාවකදි පෙන්වා දුන්නත් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව ජනතාව පවසති නගරයේ විවිධ ස්ථානවල මෙම වැසි ජලය එකතු වීම නිසා පාසැල් දරුවන් රැකියා සඳහා යන අය දැඩි අපහසුතාවයට පත්වෙනවාක් මෙන්ම මේ හේතුවෙන් රිය අනතුරු වීමද නිතර සිදුවන බවත් මෙම ජලය රඳා පැවතීම නිසා මාර්ගයද අබලන් වන බව පෙන්වා දෙන ජනතාව මෙම වැසි ජලය බැසයාමට ක්‍රමයක් ඉක්මනින් සකසා දෙන මෙන් ඉල්ලා සිටිති

සටහන සහ ඡායාරූප – චන්දන ප්‍රනාන්දු

Chandana Fernando's photo.
Chandana Fernando's photo.
Chandana Fernando's photo.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here