පොඩි කසිප්පුකාරයන් අල්ලන්න එපා කියපු අරුන්දිකට වෙච්ච වැඩේ ?

0
62

arundika 1පසුගියදා වෙන්නප්පුවේ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම වෙන්නප්පුවේදී පැවැත්වී තිබේ. මෙම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ දේශපාලන නියෝජනය පිළිබදව බොහෝ දෙනෙකු සතුටු නොවන අතර  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් සහ වෙන්නප්පුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ කැදවීමෙන් මෙම කමිටුව පැවත්වුණි.
වෙන්නප්පුව ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්,ග්‍රාමසේවා නිලධාරීන් මෙන්ම පොලීසියේ ප්‍රධානින් ද මෙම අවස්ථාවට සහභාගී වී තිබේ.
මෙහිදී  අරුන්දික ප්‍රනන්දු අමාත්‍යවරයා පුත්තලම් දිස්ත්‍රික්කයේ සිදුවන කසිප්පු ඡාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනිම් සම්බන්ධයෙන් යෝජනාවක් සිදුකර තිබේ.
එහිදි එහි සිටි  පොලීස් නිලධාරීන් අමතා ඔහු පවසා ඇත්තේ නීති විරෝධී කසිප්පු ඡාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේදී  කසිප්පු බෝතලයක් දෙකක් විකුණා එදා වේල සොයාගන්නා අසරණ මිනිසුන් අත්අඩංගුවට නොගෙන මහා පරිමාණයෙන් කසිප්පු ව්‍යාපාරය සිදුකරන්නන් අත්අඩංගුවට ගන්නා ලෙසයි.
එහිදී  ඉහළ පොලිස් නිලධාරියෙකු ඇමතිවරයාට පිළිතුරු දෙමින් කියා තිබුනේ  කසිප්පු ඡාවාරම පොඩි මිනිහෙක් කළත්,ලොකු මිනිහෙක් කළත් වැරැද්ද වැරැද්දම බවත් සමාජය එවැනි දේ අනුමත නොකරන අතර අඩුආදායම්ලාභි කියා නීති විරෝධීක්‍රියා සමාජගත කළ නොහැකි බවත්ය.
මුලාශ්‍රය – වයඹටුඩේ