පොඩි සාගර වෙඩි තියාගත්තේ ජෙයරාජ්ගේ පිස්තෝලයෙන් ! (ඡායාරූප)

0
85

මීගමුව නීතිය බලාත්මක කිරීමේ ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කළ මෙහෙයුමක් අතරතුරදී හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකරගත් පාතාල කල්ලි නායකයෙකු බව කියන මානික්කුගේ සුමිත් දයාරත්න හෙවත් පොඩි සාගර නැමැත්තා විසින් පරිහරණය කර ඇත්තේ හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා වෙත නිකුත් කර තිබූ පිස්තෝලයක් බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ති‍බේ.

ගොකරැල්ල පොලිස් වසමට අයත් කුඹුක්ගැටේ, පහළ මැදගම ප‍්‍රදේශයේ පිහිටි සිය අනියම් බිරිදගේ නිවසේ පොඩි සාගර නැමැත්තා සැගවී සිටින බවට මීගමුව නීතිය බලාත්මක කිරීමේ ඒකකය වෙත ලැබී තිබී තොරතුරකට අනුව පසුගිය 20 වැනිදා ඔහුව අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ ඔහු සන්තකයේ තිබූ මෙම පිස්තෝලයකින් හිසට වෙඩි තබාගෙන තිබූ අතර වෙඩි තබාගැනීමට යොදාගත් මෙම පිස්තෝලය මළසිරුරට යට වී තිබෙනු දැකගත හැකි විය.

චෙකස්ලෝවැකියාවේ නිෂ්පාදිත මිලි මීටර් 9 වර්ගයේ මෙම පිස්තෝලයේ අංකය ඔස්සේ කළ පරීක්ෂණවලදී එය එවකට මහාමාර්ග සංවර්ධන අමාත්‍යධූරය දැරූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ මහතා වෙත නිකුත් කර තිබූ එකක් බවට හෙළි වී තිබේ.

2008 අප්‍රේල් මස 7 වැනිදා ගම්පහ, වැලිවේරිය ක්‍රීඩාංගණයේදී පැවැති මැරතන් ධාවන තරගයක ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවෙමින් සිටි ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකින් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් විය. එම අවස්ථාවේදී අමාත්‍යවරයා සන්තකයේ පැවැති මෙම ගිනි අවිය බිම වැටී තිබියදී අහුලාගත් අයෙකු විසින් පොඩි සාගර නැමැත්තා අතට එය පත්කරන්නට ඇති බවට පොලිසිය සැකකරයි.

මූලාශ්‍රය – ලංකාදීප

පොඩි සාගර නැමැත්තා හිසට වෙඩි තබාගැනීමට යොදාගෙන තිබූ අදාළ පිස්තෝලය මළසිරුරට යට වී තිබූ ආකාරය.

podi_sagara12