පොරොන්දු වු රු.මිලියන 300 නොලැබේ. රෝහලේ කටයුතු අතරමග ඇනහිටි.

0
64

3(2)මීගමුව දිසා මහ රෝහල සුරැකීමේ සංවිධානය ජුලි 21 එක දාතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යවමින් කියා සිටින්නේ රෝහලේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා රජය විසින් ලබාදෙනවා යැයි කියු රු.මිලියන 300 ක මුදල කඩිනමින් ලබාදෙන ලෙසයි.
එම ලිපියේ ඔවුන් තවදුරටත් මෙසේ අවධාරණය කර සිටි..

………මීගමුව රෝහල සම්බන‍්ධව පවතින ආරාවුල් සහගත තත‍්වය හා මෙම රෝහලේ සේවය ලැබීමට උරුමයක් ඇති ජනතාව සැලකිලිමත් වන, ප්‍රධාන කරුනු තුනක් (3) කෙරෙහි ඔබතුමා වෙත දන්වනු කැමැත්තෙමු.

අ/ මීගමුව රෝහල මධ්‍යම රජයට පවරා ගන්නේ කවදාද? මේ ස`දහා බස්නාහිර පලාත් සභාවේ යෝජණා සම්මතව ඇතත්, මධ්‍යම රජය ඊට ප්‍රතිචාර නොදක්වා නිහ`ඩ ප්‍රතිපත්තියක රැදී සිටිමට හේතුව කුමක්ද?

ආ/ තට්ටු 8 කින් යුතු වූ, දැනට වසා දමා ඇති අබලන් රෝහල් ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය සේවා, පැරණි ගොඩනැගිල්ට ගෙනයාම නිසා ඇති වු තදබදය වලක්වාලන්නට, ඉදිවෙමින් පවතින ගොඩනැගිලි යොදාගෙන පහසුකම් සැලසිය හැකිවන්නේ 40% ක ප්‍රමාණයකි. ඉතිරි 60% පිළිබ`ද ගැටඵව කොතරම් කාලයක් දික්ගැස්සේවිද?

ඇ/ දැනට වසා දමා ඇති අබලන් රෝහල් ගොඩනැගිල්ල යථාතත‍වයට පත්කළ හැකි බව ඊට අදාල පර්යේෂණ පැවැත්වූ කණ්ඩායම් තහවුරු කර ඇතත්, ඒ ස`දහා රජය ලබා දීමට පොරොන්දු වූ රුපියල් මිලියන 300 ක මුදල මුදා නොහරින්නේ මක්නිසාද?

මෙම ප්‍රශ්ණ හමුවේ අදාළ තොරතුරු දැනගැනීම ස`දහා විශේෂ සාකච්ඡාවක් 2015 ජුලි 21 වන දින උදේ 10.00 ට මීගමුවේ තම්මිට කර්දිනල් කුරේ මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. මීගමුව කලාපයේ කතෝලික සභා නාහිමි තුමාගේ ප්‍රධානත‍වයෙන් පැවති මෙම රෑස්වීමට මිගමුව ප්‍රදේශයේ ප්‍රධාන සංඝයා වහන්සේ ද ගරු පූජාප්‍රසාදි තුමන්ලා ද අනිකුත් ආගමික නායකතුමන්ලා හා විවිධ සංවිධාන ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර, ඒ සැම දැනුම්වත් කිරීමට, මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්්‍ය තිෂාන් ජයසිංහ ඉංජිනේරු මහතා සම`ග මීගමුව රෝහලේ පරිපාලන නිලධාරී වෛද්‍ය කණ්ඩායමක් ද එක්ව සිටියහ. එම රැස්වීමේදී හෙලිදරව්වු කරුනු සැලකිල්ලට ගෙන පහත ස`දහන් නිගමනයන්ට එළඹුනි.

1/ මීගමුව රෝහල මධ්‍යම රජයට පවරා ගන්නා ලෙස මීගමු ජනතාව අත්සන් කර ඇති පෙත්සම ගරු ජනාධිපතිතුමාට පිළිගැන්වීම.

2/ දැනට වසා දමා ඇති අබලන් රෝහල් ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය සේවා වලින් 40%ක අවශ්‍යතා සපුරාලන්නට හැකියාව ඇති හදිසි ගොඩනැගිලි ඉදිකරන්ට මිලියන 200 ක් මුදා හැරීම පිළිබ`දව රජයට ස්තුති කිරීම.

3/ දැනට වසා දමා ඇති අබලන් රෝහල් ගොඩනැගිල්ල යථාතත‍වයට පත්කළ හැකි බව පර්යේෂණ කළ කණ්ඩායම තහවුරු කර ඇති නිසා, ඒ ස`දහා රජය පොරොන්දු වූ රුපියල් මිලියන 300 ක කැබිනට් අනුමැතිය ලද මුදල, හදිසි අත්‍යාවශ්‍ය කටයුත්තක්සේ සලකා, කඩිනමින් මුදා හරින ලෙස ගරු ජනාධිපති තුමාගෙන්ද, සෞඛ්‍ය අමාත්‍ය තුමාගේන්ද ඉල්ලා සිටිම.

4/ මෙම ඉල්ලීම් ජනාධිපතිතුමා හා රජය නොසලකා හරින්නේ නම් සියලූම ආගමිකනායක තුමන්ලාගෙන් සැදුම්ලත් මීගමුව මහ රෝහල සුරැකීමේ සංවිධානය විසින් ඉදිරි සති කිහිපය තුළ ප්‍රදේශයේ ජනතාව දැනුම්වත් කිරීමට කටයුතු කිරීම.

5/ මීගමුවේ ජනතා හ`ඩට ඇහුම්කන් නොදෙන දේශපාලනඥයන් පිළිබ`දව ඉදිරි මැතිරවණයේදි සුදුසු ලෙස කටයුතු කිරීමට අවශ්‍ය උපදෙස් අප ප්‍රදේශයේ ජනතාවට ලබා දීම.

ගරු ජනාධිපති තුමනි,

මෙම ක්‍රියාවන් හෝ ඉල්ලීම් කිසිවක් අපගේ පෞද්ගලික අවශ්‍යතා සපුරා ගැනීම ස`දහා නොව, වත්මන් ජනතා අවශ්‍යතා සම`ග වු, මතු පරපුරේ පැවැත්ම හා ශක්තිය ස`දහා බව කරුණාවෙන් සලකන්න.

එසේහෙයින් ගරු සෞඛ්‍ය අමාත්‍ය තුමා අපට පොරොන්දු වු ආකාරයට, මේ වනවිට හදිසි අත්‍යාවශ්‍යතාවයක්ව ඇති, මීගමුව රෝහල නැවත ප්‍රතිසංස්කරණය ස`දහා වන රුපියල් මිලියන 300 ක මුදල, මුදා හරින ලෙස, භාණ්ඩාගාර ලේකම් වරයාද සෞඛ්‍ය අමාත්‍යාශ ලේකම් වරයාද ඇතු`ඵ, අදාළ බලධාරීන් වෙත උපදෙස් දෙන මෙන් ද මීගමුව රෝහල මධ්‍යම රජයට පවරාගැනීමට කඩිනම්ව කටයුතු කරන ලෙස ද කරුණාවෙන් ඉල්ලා සිටිමු.
ස්තුතියි’
අතිගරු ආචාර්ය පැට්ට්‍රික්  පෙරේරා පියතුමා –
මීගමුව කලාප නාහිමි
සම සභාපති -මීගමුව මහ රෝහල සුරැකීමේ සංවිධානය

ගරු කොන්දගම්මුල්ලේ ඥණසිරි හිමිපාණෝ –
අඟුරුකාරමුල්ල, බෝධිරාජාරාම විහාරාධිපති,
සම සභාපති -මීගමුව මහ රෝහල සුරැකීමේ සංවිධානය

එම්.ඒ.එම්. රමීෂ් ් ප්‍රධාන කුරුප්පල් තුමා
සභාපති- ශ්‍රී සිත්ති විනයාගර් කෝවිල
මීගමුව මුස්ලිම් පල්ලි ඒකාබද්ධ දායක සභාව 135, වැල්ලවීදිය, මීගමුව
77, ජුම්මා මස්ජිඩ් මාවත, මීගමුව
ඡේ. ඊ. එෆ්. පියුම්වර්ධන
ලේකම්
මීගමුව කතෝලික ශාසනාරක‍ෂක බලමණ්ඩලය

වෛද්‍ය සී. ඡේ. ඉයන්
සභාපති- මීගමුව රෝහල් සංවර්ධන පදනම
Neg Hospital0001 Neg Hospital0002

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here