වෙන්නප්ුපව ප්‍රදේශයේ පසුගිය කාලයේ මංකොල්ලකැම් අධික විය. නිවෙස් වලට පැන මුදල් හා රත්තරන් බඩු , සොරාගැනීම් බරපතල ලෙස සිදුවන අතර ඒවාට සම්බන්ධ සැකකරුවන් සොයාැනීමට බොහෝ අවස්තා වලදී නොහැකි වන බව
මීගමුවේ ව්‍යාපාරික ස්ථානයක් වූ එවර්එක්ස් ආයතනයට අවස්තා දෙකකකට වඩා සොරු පැමිණ මංකොල්ල කෑ අතර ඔවුන්ද සොරුන් පිලිබද හෝඩුවාවන් සොයා ගත්තේ මෙම ආරක්ෂක කැමරා මගිනි.
බොරලැස්ස ප්‍රදේශයේ දී දැනට දින කීපයකට පෙර ව්‍යාපරික ස්ථානයක සිදුවූ සොරකමක් ආරක්ෂක කැමරා මගින් හසුකර ඇති ආකාරය මැයි 31 වනදා යූ ටියුබ් වෙබ් http://www.youtube.com/watch?v=NlK6WbE4AWk අඩවියට පුරවැසි මාධ්‍යකරුවෙකු විසින් මුදාහැරතිබේ. පිටුවේ ඇති සටහනට අනුව තම ව්‍යාපරික ස්ථානයෙහි දිගින් දිගටම සිදුවූ මුදල් නැතිවීම් ගැන විපරමින් පසුවූ අයිතිකරුවන් විසින් ඒ සදහා යෙදූ උපක්‍රමයක් ලෙස මෙම කැමරාව සවිකර ඇත. ඒමගින් මෙම සොරකම සිදුකළ පුද්ගලයා සොයාගැනීමට උපකාරයක් වූ බව ඔවුන් එහි සදහන් කර ඇත. සිද්ධිය වූ දිනට පසුදින මෙම ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුවන් විසින් ආරක්ෂක කැමරාවේ සටහන්වූ දර්ශන පටය වෙන්නප්පුව පොලීසිය වෙත බාරදී මේ පිළිබද පැමිණිල්ල සිදුකර තිබේ. පසුව සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ට ගත් එම නිවසේ වැඩකටයුතු වලට සහාය වූ කාන්තාවක් හා ඇයගේ සැමියා අත්අඩංගුවට ගෙන ඇප පිට මුදාහැර තිබේ.
මේ පිළිබද පරීක්ෂණ වෙන්නප්පුව පොලීසිය විසින් සිදුකරනු ලබයි.
ෂෙහාන් ප්‍රනාන්දු
http://www.youtube.com/user/shehanfdo?feature=watch