පොල්කටු කර්මාන්ත ශාලාවට වෙන්නප්පුව ජනයාගේ විරෝධය ….

0
88

පොල් කටු 1වෙන්නප්පුව නුගගහමුල්ල සාන්ත ජේරාඩ් මාවතේ ඉදිකරමින් සිටින පොල්කටු දහනය කිරිමේ මහා පරිමාණ කර්මාන්තශාලාවට විරුද්ධව එම ප්‍රදේශයේ ජනතාව අද 16 උදැසන සාමකාමි විරෝධතාවක් දැක්වීය මේ සඳහා විශාල පිරිසක් සහභාගි වි සිටි අතර මෙම කර්මාන්ත ශාලාව ඉදිකිරිමෙන් පසු ජනතාවට හා පරිසරයට වන හානිය පිළිබඳව දැනුවත් කරන පුවරු ප්‍රදර්ශනය කරමින් මෙම විරෝධතාවය දියත් කලේය ඔවුන් පවසා සිටියේ තම ජන ජීවිතයට හා පරිසරයට හානිගෙන දෙන මෙම කර්මාන්ත ශලාව ඉදිකිරිමේ කටයුතු නවතා එම ස්ථානයෙන් එම කර්මාන්තශාලාව ඉවත් කරන තෙක් මෙම විරෝධාතා ඉදිරියටත් පවත්වන බවයි මෙම කර්මාන්තශාලාව ඉදිකරන මනීෂා ව්‍යාපාරයේ හිමිකරු මලිත් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය අපි මෙම කර්මාන්තශාලාව ඉදි කරන්නේ නවීන තක්ෂණය භාවිතා කරලා ඒ නිසා පොල්කටු දහනය වෙද්දි එහි දුම හෝ කුඩු පරිසරයට මුදා හැරෙන්නේ නැ මේ අය අනිසි බියක් ඇති කරගෙන් තියෙන්නේ අනෙක අපිට වයඹ පළාත් පරිසර අධිකාරියෙන් මෙම කර්මාන්තශාලාව ඉදිකරන්න අවසර දීලා තියෙන්නේ මේක ක්‍රියාත්මක නොකරම මිනිස්සු විරෝධයක් දැක්වීම අපිට හිතා ගන්න බැ
චන්දන ප්‍රනාන්දු