“අපේ ළමුන්ට ක්‍රීඩා පිටි නැත, වැල්ලද නැත ” ගම්වාසීන් විරෝධතාවයක

0
84

P1150442මීගමුව කුඩාපාඩුව දේවස්ථානය පිටුපස ඇති වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට
අයත් ඉඩමක් සම්බන්ධයෙන් මැයි 08 වනදා  එම ප්‍ර‍ෙද්ශයේ දී යම් උණුසුම් සිදුවීමක් සිදුවිය.
පුද්ගලික හිමිකරැවෙකු විසින් එම ඉඩමේ  යම් ඉදිකිරීමක් සිදුකිරීම සම්බන්ධයෙන්
එම ප්‍රදේශයේ
ජනතාව විරෝධය පා එම ඉඩම වටා ඉදිකර තිබූ තාප්පය කඩා බිද දමා  එම ඉඩමේ ඇති පොල් ගස් 13ක්ද කපා දමා  තිබුණී. මෙම තාප්පය නිසා  මුහුදු වෙරළ පොදුවේ පරිහරණය කිරීමට ගම්වාසීන්ට ඇතිවී ඇති අවහිරය වෙනුවෙන්   ඔවුන් මෙම විරෝධතාවය දක්වා ඇත.  මේ සිද්ධිය සම්බන්ධව මීගමුව පොලීසිය විසින් ගම්වාසීන් 10 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ව අද මීගමුව මහේස්ත්‍රාත් උසාවිය ට ඉදිරිපත් කරන ලදී.  ඔවුන්ට ලක්ෂ දෙක බැගින් ශරීර ඇප මත නිදහස් කළ අතර නැවත ජූලි 19 වන දිනට නැවත අධිකරණයේ පෙනී  සිටියහ.  ඔවුන්ට විරුද්ධව පොලීසිය විසින් නගා තිබූ චෝදනා වන්නේ අදාළ ඉඩමේ තාප්පය බිද දැමීමයි.  අද පෙරවරුවේ උසාවිය ආසන්නයේ  දී කුඩාපාඩුවේ ගම්වාසීන් විසින්  විරෝධතාවයක නිරත වූහ. P1150433P1150448

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here