පොල් ගෙඩියටත් පාලන මිළක් !

0
296

man-sex-with-coconut-696x443පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල ඉක්මවා පොල් අලෙවිකරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොල් වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සදහන් කළ බව සියත වෙබ් අඩවිය වර්ථා කොට තිබේ.

ඊයේ (22) එම අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ඒ මහතා මේ බව පවසා ඇතැයි එහි සඳහන්ය

ඒ අනුව පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල රුපියල් 70 ක් විය යුතු බව රජය පවසයි.

එම මිල ඉක්මවා පොල් අලෙවිකරන වෙළෙන්දන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.