පොලිස්පතිවරයා පත් නොකිරීම ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කතාබහක් !

0
88
email sharing buttonsharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
පොලිස්පති ජයසුන්දර හා  වැ.බ. පොලිස්පති වික්‍රමරත්න

මානව හිමිකම් කොමිෂන් සභාවේ පුරප්පාඩු වූ තනතුරක් සහ පොලිස්පති තනතුරේ පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අදාලව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය වගකීම ඉටු නොකිරීම පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අවස්ථා කිහිපයකදී සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

මැයි 11 වැනිදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වූ අවස්ථාවේදී විවිධ කොමිෂන් සභා පිළිබඳව සාකච්ඡා කොට ඇති අතර එහිදී මානව හිමිකම් කොමිෂන් සභාවේ පුරප්පාඩුවක් පිළිබඳවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෙකු සිහිපත් කර ඇත.

ඒ මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජිකාවක වන අම්බිකා සත්ගුරුනාදන් මාස දෙකකට පෙර මානව හිමිකම් කොමිසමේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇති නිසාය.

ඇතිව තිබෙන පුරප්පාඩුව සම්පූර්ණ කිරීමට නම් ජනාධිපතිවරයා නිල වශයෙන් එම ඉල්ලා අස්වීම පිළිගෙන ඇබෑර්තුවක් ඇති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට දැනුම්දිය යුතු නමුත්, තවමත් එය සිදුව නැති බව සාකච්ඡා කොට තිබේ.

CC Meeting 3                             ”පොලිස්පති, මානව හිමිකම් කොමිසමේ සාමාජික තනතුරුවල පුරප්පාඩු ගැන ජනපති පියවර අරගෙන නැහැ”.

පොලිස්පති පූජිත් ජයසුන්දර විශ්‍රාම ගැනීමෙන් පසුව ඇතිව තිබෙන පුරප්පාඩුව ගැනද මීට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාකච්ඡාවකදී කතාබහට ලක්ව ඇත. එම පුරප්පාඩුව සම්පූර්ණ කිරීමටද ජනාධිපතිවරයා පියවර ගත යුතු බව එහිදී එකඟ වී තිබේ.

පොලිස්පති තනතුරේ පුරප්පාඩුව සම්පූර්ණ කිරීම සඳහා මැයි 11 වැනිදා පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාකච්ඡාවටද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිසිදු දැනුම්දීමක් කර නොමැත. ඒ අනුව පුරප්පාඩුව සම්පූර්ණ නොකර වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න එම තනතුරේ වැඩකටයුතු ආවරණය කිරීමට යොදවා ඇත.

යම් තනතුරකට පුරප්පාඩුවක් ඇති වුවහොත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ජනාධිපතිවරයා වෙත ඒ පිළිබඳව දැනුම්දීමේ බලයක් නොමැති අතර, ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඒ පුරප්පාඩුව පිළිබඳව දැනුම්දිය යුතුය.

ඒ අනුව ඉහත පුරප්පාඩු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුම්දීමක් කරන තුරු නිල ක්‍රියාමාර්ගයක් ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීන්දු කර නොමැත.

( තරිඳු උඩුවරගෙදර : anidda.lk ඊ පුවත්පත)