පොලිස්පති පාස්කු ප්‍රහාරයේ වින්ඳිතයින් හමුවෙයි ! දුක සැප විමසයි!

0
482

( දෙවන සංස්කරණය ) පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පාස්කු ඉරුදින පාස්කු වින්දිතයන්ගේ පවුල් බැහැදැක තෑගි බෝගද ලබා දි දුක සැප විමසා තිබුණි.මේ ගමන සම්බන්ධිකරණය කරමින් මිගමුව කොට්ටාශයේ ජේෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙ⁣රේරාද ඊට සහභාගි වි ඇත.⁣

img 20240401 wa00182656727385887821680

මේ අතර  කතෝලික ගිහි සංවිධාන එකමුතුවේ  කැදවුම්කරු තිලින අලහකෝන්  වට්ස්ඇප් මගින් මේ පිළිබද සිය ස්ථාවරය සටහන් කර තිබුනේ පොලිස්පති කටුවපිටියට ගිහින් ලකුණු දාගන්නේ කොන්ද  පණනැති  කතෝලික සභාවේ වරදින් බවය

screenshot 20240401 1205137979665613346780408

කෙසේ වෙතත් අප වෙබ් අඩවියේ මාධ්‍යවේදීයෙකු  පසුගිය 28 වනදා පාස්කු වින්ඳිතයින්ගේ වත්මන් තත්වය ගැන ලිපියක් සැකසිමට කටුවපිටියට ගොස් සිටි අවස්ථාවේ ග්‍රාමසේවකවරියක ඇතුළු පවුල් කිපයක සමාජිකයන් පවසා තිබුනේ පල්ලියේ පියතුමන්ගේ අවසරයකින් තොරව මාධ්‍යයට අදහස් ප්‍රකාශ කළ නොහැකි බවය.

පොලිස්පතිගේ කටුවපිටිය සංචාරය යෙදුන පාස්කු ඉරුදිනට දින කිහිපයකට කලින් මාධ්‍ය වල කතා බහට ලක්වු ස්පා වැටලිමේ මෙහෙයුමක්ද මිගමුව කොට්ටාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරාගේ මුලිකත්වයනේ දියත් කර තිබුණි.

පාස්කු වින්දිතයන් හමුවිමට වාරණ පැනවිමට කිසිවෙකුත් නොහැකි බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැතත් පොලිස්පතිගේ කටුවාපිටියය ගමන ගැන කටුවාපිටියේ බෝඩ් ලැලි සංවිධානවල ඇතැම් සාමාජිකයන්ද කලබල වි ඇති අයුරුද පෙනි යයි

 

 

 

 

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here