පොලිස් අධිකාරි අසාර්ථකයි .මීගමුව අනාරක්ෂිතයි.??????

0
117

මීගමුව නගරය පුරා සොරකම් දිනෙන් දින වර්ධනය වෙමින් තිබේ.මෙහි ආසන්නතම සිදුවිම වාර්ථා වන්නේ මහදවල් සිදුකර තිබෙන යතුරු පැදි සොරකමක් සම්බන්ධයෙනි.
මේ අතර පසුගිය දිනක වැල්ලවිදිය ප්‍රදේශයේ තරුණයන් පිරිසක් මහ රැ පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ගෙන තිබුනේ පාරේ සිටින සිටියා යැයි කියාය.
පොලිසියට ගෙනවිත් කුඩුකළ තරුණයන්ගේ දෙමව්පියන් මුළු රැයක් පුරා සිය තරුණ දරුවන් පොලිස් කුඩුවෙන් එලියට ගැනිම සදහා මහත් වෙහෙසක් ගෙන තිබුුණි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් පොලිසිය පවසා සිටියේ දිනෙන් දින සිදුවන සොරකම් ඉහල යැමේ තත්වය නිසා මෙසේ පාරේ සිටි තරුණයන් පිරිසක් රැගෙන විත් කුඩු කළ බවය.
එහෙත් අප නම් දකින්නේ මේ සොරකම් රැල්ල පාලනය කිරිම සදහා විධිමත් සැලැස්මක් කඩිනමින් සකසා ගත යුතුව තිබෙන බවය,
එවන් සැලසුම්ගත වැඩපිලිවෙලක් මීගමුව තුල ගොඩනැගිමට මීගමුව භාර පොලිස් අධිකාරිවරායට හැකිව නැත.
පොලිසියක වගකිම වන්නේ නිතිය රැකිම සහ ජනයාට ආරක්ෂාව දිමය.ඒ වෙනුවෙන් මුදල් වෙන්වනුයේ මහභාණ්ඩාගාරය වෙනුවෙනි.
එහෙත් නගරය ව්‍යාපාරිකයන්ගේද මුදල් එකතු කර පොලිසියද ඊට අනුයක්ත කරන ලද උකුස්සාගේ වැඩසටහන යනු ව්‍යාපාරිකයන්ගේ  මුදලින් නඩත්තු වන්නෙකි.