පොලිස් ඇසට වැලි ගසා රට පැන්න නාගරික මන්ත්‍රි සුනිල්ට එජාපෙත් හවුල්වි පඩි ගෙවයි !

0
210

sunil-silva-MC--e1530778517315මීගමුවේ  පොහොට්ටු පාලනය අටුවාගැනිම සදහා සරුංගලය ලකුණෙන් ස්වාධිනව ඡන්දය ඉල්ලා ඡන්ද ඉතා සුළු ඡන්ද ප්‍රමාණයක් ලබාගත් සුනිල් සිල්වා  නාගරික මන්ත්‍රිවරයෙකු විය.
පසුව දැවන්ත කප්පමක් ඉල්ලිමක් ඇතුළු තවත් නීති විරෝධි ක්‍රියා රැසක් හේතුවෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිමට සොයන අතරේ සුනිල් සිල්වා රට පැන්නේය.
දැන් පවුල් පිටින්ම රටින් පැනගොස්ය.
ඇතුමුන් කියන්නේ නිමල් ලංසාගේ අනුග්‍රහයෙන් සුනිල් සිල්වා ඔස්ට්‍රේලියාවට පැන ගොස් ඇති බවය.
කෙසේ වෙතත් පළාත් පාලන නීතිය අනුව පිට පිට මාස 3 නක් මහසභා රැස්විම් වලට නොපැමිණෙන්නේ නම් ඔහුගේ මන්ත්‍රිධුරය අහෝසිවි යනු ඇත.
සැබැවින්ම දැන් ඔහු වාර 6 කටත් වඩා මහසභාවට පැමිණ නැත.
තතු එසේ වුවද පසුගිය කාලයේ නගාරාධිපති දයාන් ලංසා සුනිල් සිල්වා වෙනුවෙන් නිවාඩු ඉල්ලා එතනින් නොනැවති එජාප මන්ත්‍රිවරුන්ගේද සහය අතුළුව  සුනීල් සිල්වා හට පසුගිය  කාලය සදහා පඩිද අනුමත කර ඇත.
ලක්ෂ 2 කට ආසන්න ඒ මුදල බැංකු ගිණුම්වල තැන්පත් කිරිිමටද කටයුතු කර ඇතැයි වැඩිදුරටත් වාර්ථාවේ.
පොලිසිය විසින් සුනිල් සිල්වා නාගරික මන්ත්‍රිවරයාව අත්අඩංගුවට ගැනිම සදහා සොයන බව නාගරික කොමසාරිස්තුමිය වෙතද නීති ප්‍රකාරව දැනුම් දි තිබේ.
එවන් අයෙකු වෙත පඩිඅනුමත කර දිමට කටයුතු කිරිම පැහැදිලිවම රාජ්‍ය මුදල් අවභාවිතාවක් බව මිපුර අමතා කරුණු දක්වා සිටි නාගරික මන්ත්‍රිවරයෙකු අවධාරණය කරසිටියේය.
තුන්වෙනි පංතියේ  තනතුරක් හොබවන මීගමුවේ නාගරික කොමසාරිස්වරිය මේ වන විට සමස්ථ රාජ්‍ය සේවයටම කැලලක් ඇතිකරමින් මිගමුවේ කලු සල්ලි මාෆියාව හා එක්ව  ඔවුන්ගේ මනදොල පිරවිම සදහා පමණක් දැන් කටයුතු කරමින් සිටිති.
එවන් අමන වැඩවල නිරතවන චරිතයක් තවදුරටත් මිගමුව වැනි නගරයක රාජ්‍ය සේවයට සුදුසුද යන්න  ගැන අදාල බලධාරින්ගේ අවධානය වහා යොමුවනු අතැයි අප විශ්වාස කරමු.මේ අතර රටින් පැනගොස් ඇතැයි සැලකෙන සුනිල් සිල්වා පසුගිය අගොස්තු 01 වෙනිදා දාතමින් තවත් මාස 3ක් සදහා නිවාඩු ඉල්ලා ලිපියක් යොමුකර තිබේ.එයට සභාවේ අනුමැතිය හිමිව නැත.මේ අනුව මේ මස 31වෙනි දින⁣ට පෙර සුනිල් සිල්වා සභාවට නොපැමිණියහොත් ඔහුගේ මන්ත්‍රීධුරය අහෝසි වනු ඇත.