පොලිස් දෙපාර්තමේන්තුව හොම්බෙන් ඇරිය කොටදෙණියාව පොලිස් ලොක්කා .

0
284

policeරටතුල යහපාලනය ක්‍රියාත්මකය. එහෙත් එය ඵලදායි ලෙසින්  රටතුල ක්‍රියාත්මක කිරිමට අවැසි වෘත්තිමයභාවය මේ රටේ බොහොමයක් රාජ්‍ය නිළධාරින් තුල නැත.
මේ නිසාම යහපාලනය එලෙසින්ම මේ රට තුල ස්ථාපිත කිරිම අභියෝගයක්ව පවති.
මේ අරභයා අපේ ඇගේ හැප්පෙන ප්‍රධානතම නිදසුන වන්නේ සේයා දැරියගේ ඝාතනය අරභයා කොටදෙණියාව පොලිසිය ක්‍රියා කළ ආකාරයයි.
වලන් කාරයාගේ වසරක වැඩ පොලුකාරයට එකදවසක් යැයි කියමනක් තිබේ.
කොටදෙණියාවේ පොලිසියේ ස්ථානාධිපති උදය කුමාර මහතා ඊයේ දිනයේ උසාවිය තුල කටයුතු කළ අකාරය අනුව පෙනි යන්නේ වෘත්තිමභාවයෙන් තොරවු රාජකාරිමය මැදිහත්විමේ වැරැද්ද යළි නිවරදි කරගැනිමට තිබුණ අවසන් අවස්තාවද වලන් කඩේට පැන්න ගොනෙකු මෙන් මහහැරගත් අන්දමයි.
ඔහු අර්බුදයට යවා ඇත්තේ සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවයි.
පහත පළවන්නේ ඔහු විසින් ඊයේ උසාවියේදි කියන්නට යෙදුන අදහසයි.

…..කොටණියාව පොලිස් ස්ථානාධීපති ප්‍ර පො ප උයද කුමාර මහතා අධීකරණය අමතමින් මෙම සිද්දිය සම්බන්දයෙන් මුල සිටම කටයුතු කලේ මමයිී. මෙම සිද්දිය සම්බන්ද සැකකරු වන පාසල් ශිෂ්‍යයා ගැන ඒ ළමයාගේ මව පවසා සිටියේ මේ දරුවා නොමනා ළමයි සමග ඇසුරු කරන බවත් බොහො දින රෑ බෝවි නිවසට පැමිණෙන බවත්ය
තව දූරටත් ඔහු සන්තකයේ නිබු පරිගනකය දත්ත අතර අසභ්‍යය දර්ශන තිබු බවත් මේ මිය ගිය දැරියගේ ජායාරූප නිබුණු බවත් මේ සැකකරුට මිය  ගිය දැරියගේ පියා ඉංග්‍රිසි උගන්වා තිඛෙනවා මෙවැනි කරුණු කීපයක් පදනම් කර ගෙන ඔවුන් අත් අඩංගුවට ගත් බව පැවසීය….