පොලිස් නිලධාරීන්ට වෙඩි තැබූ මංකොල්ලකරුවන්ගේ අපරාධ රැසක් හෙළිවේ

0
282

01ඉකුත් 25 දින කටාන පොලිසියේ නිළධාරින් දෙදෙනෙකුට  වෙඩි තබා ගෙවල් බිදූම් නවයක් සිදූකර ලක්ෂ විස්සකට අධික මුදල් හා භාණ්ඩ සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් හතර දෙනා අත්අඩංගුවට ගෙන අද (ජනවාරි  02)  වනදා  අධිකරනයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 14 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මිගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කලේය.
මෙලෙෂ රක්ෂිත බන්ධනාගාර ගත කළේ අංක 113/1 සී සියඔලාගොඩ පොල්ගස්  ඔවිට  ප්‍රදේශයේ පදිංචි කල්පගේ ධර්ශන කුමාර 27 මොහු අපරාධ 06 කට පොලිස් කීපයකට අවශ්‍ය පුදගලයෙකු වන අතර  දෙවන පුදගලයා වනුයේ යාය 1 සාලිය අශොකපුර රාජාංගනය වම් ඉවුර පදිංචි ගාල්ල වෙල්ලාගේ ප්‍රසාත් හර්ෂන උදයන්ත වේ. මෙම පුද්ගලයා අපරාධ 05 කට පොලිසියට අවශ්‍ය පඅද්ගලයෙකු වේ. තුන්වැන්නා වනුයේ අංක 5 බවුම අටිටවිල්ළුව පුත්තලම ප්‍රදේශයේ පදිංචි එදිරසිංහ ආරචිචිලාගේ බුද්ධික සමන්ත නම් පුද්ගලයෙකු වන අතර මොහු  අපරාධ 08 කට අවශ්‍ය පුදගලයෙකු බව පොලිසිය තහවුරු කරයි.  අංක 399/1 වැවත පාර මණ්ඩවල,  කිරිදිවල පදිංචි හෙයියන් තුඩුවගේ ප්‍රදිප් කුමාර මෙහු අපරාධ 6 කට අවශ්‍ය පුද්ගලයෙකුය.
ඉකුත් 25 දින කටාන පොලිසියේ නිළධාරින් දෙදෙනෙකු රාත්‍රී මුර සංචාරයේ යෙදි සිටියදි එම නිළධාරින්ගේ රාජ කාරි ගිණි අවිය උදූරා පොලිස් නිළධාරින් දෙදෙනාට වෙඩි තබා පලා යමින් සිටියදි අසල නිවසක ඉදිරිපිට නවතා නිබු යතුරු පැදිය සොරාගෙන පලා ගියේ යැයි කියන සැක කරුවන් දෙදෙනා හා ඔත්තු බැලීම සදහා සී ටි 100 වර්ගයේ යතුරු පැමිණි සැකකරු හා ගෙවල් බිද සොරා ගන්නා ලද භාණ්ඩ එක් රැස් කරමින්  පිටු පසින් පැමිණි ඩිමො බටිටා වර්යට අයත් ලොරිය සහ   සැකකරුවන් රාජංගනයේ පුත්තලම ඒකල මහර යන ප්‍රදේහ වලදී පොලිසිය විසින් අත් අඩංගුවට ගත් බව පොලිසිසය පවසයි.
මෙම පිරිස කටුනායක ප්‍රදේශයේ තාවකාලිකව නේවාසිකව ලැගුම්ගෙන සංවිධානාත්මකව රාත්‍රී කාලයේදී කොචිචිකඩේ ,වෙන්නප්පුව කොපිවත්ත, කටාන, සීදූව, ගනේමුල්ල , ජාඇල පොලිස් වසම් වලට අයත් ප්‍රදේශවලදී ගෙවල් බිදූම් 10ක් හා ෙවිඩි නැබිම්ක් සිදූකර ඇති බව පොලිසිසය කියයි.2

කටාන පොලිසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරික්ෂක සේනාරත්න මහතා කටාන පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ගයාන් නිවුසඇල්ල , මිගමුව අපරාධ කොටිඨාශයේ ස්ථානාධිපත් සුභාෂ් ප්‍රියදර්ශන හා මිගමුව කොටිඨාශයේ නිතිය බලගැන්විෙමි ඒකකයේ ස්ථානාධිපත් ගිහාන් මනෝහරන් යන් නිළධාරින්න්ගෙන් සමන්විත පොලිස් කණඩායම් හතරක් යටතේ මෙම සෝදිසි මෙහෙයුම් දියත් කර සැකකරුවන් අත් අඩංගවට ගත් බව පොලිසිය පැවසීය.
මෙම සෝදිසි මෙහෙයුමේදී සොරා ගන්නා භාණ්ඩ අතර රත්තරන් බඩු , කැමරා ලැප්ටොප්, ලීගාන මැෂින් , ඩිජිටල් කැමරා ඇතුළු භාණ්ඩ කීපයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඡායාරෑප -ප්‍රියප්‍රේම මාණික්කරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here