පොලිස් බලය ඉදිරියේ හිංසාවට ලක්වන අපේ දරුවෝ…..

0
173

රත්නපාල පෙරේරා කියන්නෙ අවුරුදු 63 ක පියෙක්. ඔහුගේ පුතා ඩී . එස්. මදුරංග ගම්පහ පොලීසිය විසින් අත්අඩංගුවට රැගෙන දින කිහිපයක් වෙනව.ඒ ගැන රත්නපාල මහතා අප සමග කල විස්තරය ඉතා දුක්බර එකක්.

මදුරංගගෙ දුරකතනය නැතිවුනු නිසා 22 /05/ 09 දින ඔහු ඒ ගැන පැමිණිල්ලක් කිරීමට ගියේ ගම්පහ පොලීසියට . එහෙම ගිහිල්ල පැමිණිල්ල දාල ඔහු නිවසට පැමිණියා. පැමිණිල්ල විභාග කරනව වෙනුවට ගම්පහ පොලීසිය කළේ වෙනත් වැඩක්. එදා රාත්‍රියේදි විශාල පොලිස් කණ්ඩායමක් සමග පැමිණ මදුරංගව අත්අඩංගුවට ගත්ත. තවමත් ඔහු පසුවන්නෙ බන්ධනාගාර ගතවයි.


මේ සිදුවීමට මුහුණ දුන්නෙ ගම්පහ ප්‍රදේශයේ දරුවෙකු වන නමුත් මෙය අද සමාජය වසාගත් නරුම ක්‍රියාවන්ගේ යථාර්ථයක් බව කිවහැකියි. තමන්ගේ විවිධ අරමුණු ඉටු කර ගැනීම උදෙසා නීතිය අවභාවිතාවේ යොදන සහ නීතිය තමන්ට අවශ්‍ය පරිදි හසුරුවන තත්ත්වයක් නිර්මාණය වෙල .
පොලීසිය ජනතාවගේ ආරක්ෂාව වෙනුවට දේශපාලකයින්ගේ ආවතේව කරන පිරිසක් බවට පත්වෙල. මදුරංග වැනි අසාධාරණයට ලක්වන තරුණ දරුවන් මුහුණ දෙන මෙම ගැටළු වලට සාධාරණයක් ඉටුකර ගැනීම අද අපහසු වී ඇත .
කෙසේ නමුත් මදුරංග වෙනුවෙන් කඳුළු වගුරන පියාට නීතියේ සාධාරණත්වය ලබාගැනීමට අප සියළු දෙනාගේ සහයෝගය ලබාදිය යුතුය. ඒ වෙනුවෙන්
හඬක් නැගීමට මොවුන්ට එරෙහි ජනතාව පෙළගැසිය යුතු කාලය එලඹ ඇති බවද කිවයුතුය .
පසුගිය දිනවල දේශපාලකයින්ගේ නිවාස වලට සිදුකල ප්‍රහාරය දඩමීමා කරගනිමින් මේ වනවිට අහිංසකයින් දඩයම් කිරීමේ ප්‍රවනතාවයක් දක්නට ඇත .
ජනතාවෙනි!
මෙම අධම ක්‍රියාවට එරෙහිව පෙළගැසෙමු……

සැම්සන් ඥානාසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here