පොලිස් මාධ්‍ය ප්‍රකාශකට එරෙහිව මීගමුවේදි පුවත්පත් සාකච්ජාවක්

0
73
ගිහාන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින්
මීගමුව එජාප මන්ත්‍රී ගිහාන් ප්‍රනාන්දු

press con unp newsපසුගිය දින කිපය පුරා පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා විසින් සිදුකරමින් ඇති පදනම් රහිත පක්ෂග්‍රාහි ප්‍රකාශයන්යට සිය විරෝධ්ය පළ කිරිම සදහා මීගමුව මහනගර සභාවේ එජාප නාගරික මන්ත්‍රි මන්ඩලය විසින් 2014 පෙබ 24 වනදා උදේ 9.30 විශේෂ මාධ්‍ය සාකච්ජාවක් කැදවා තිබුණි.
මෙහිදි මුලික අදහස් ඉදිරිපත් කිරිම සිදුකළ නගාරික මන්ත්‍රි ගිහාන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ මීගමුව ආසනය පමණක් නොව මුළු ගම්පහ දිස්ත්‍රික්කයම ජවසම්පන්න ලෙසින් නැගි සිටින මොහොතක තම පක්ෂයේ ජන්ද සටහන කඩාකප්පල් කිරිම සදහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් මාධ්‍ය හරහා සිදුකරගෙන යන ප්‍රකාශවලට මීගමුව එජාප නාගරික මන්ත්‍රි මණ්ඩලය ලෙස තමන් සියල්ලෝම සිය විරෝධතාව එකහෙළා ප්‍රකාශ කරන බවය.
එමෙන්ම තම ආසනයේ සංවිධායක රොයිස් විජිත ප්‍රනාන්දුව අධිකරණයක් විසින් මේ මංකොල්ලයට සම්බන්ධව වැරදිරකරුවෙකු යැයි තින්දු කරන තෙක් ඔහු නිර්දෝශි යැයි තමන් විශ්වාස කරන බවය.
එහෙන්ම මේ විශාල අලාභය සිදුව ඇති ව්‍යාපාරික මහතා තමන් පුද්ගලිකවද ඉතා හොදින් දන්නා බවත් ඒ අය වෙත සාධාරණය ඉටු කිරිම සදහා හැකි ඉක්මනින් එකි මංකොල්ල කරුවන් අත්අඩංගුවට ගත යුතු බවත් පවසා සිටියේය.