පොලිස් මාධ්‍ය ප්‍රකාශකට ඔත්තුවක් ! මුව ආවරණ රහිත ලොක්කියක් මිගමුවේ ?

0
73

මුව ආවරණ පළදින්නේ නැති අයව අත්අඩංගුවට ගෙන PCR පරික්ෂණ සිදුකරන මාධ්‍ය සංදර්ශනයක් අද ලංකාවේ බොහෝ නගරවලදි සිදුකර තිබුණි.
ඒ ඒ පොලිස් අධිකාරි කාර්යාලයන් මෙන්ම පොලිස් ස්ථාන විසින් ප්‍රදේශයේ මාධ්‍යවේදින් කැදවා මේ සංදර්ශන පුවත් මාධ්‍ය වෙත මුදාහැරිමටද කටයුතු කර තිබුණි.
එහෙත් සැබැවින්ම ගැටළුව වන්නේ දැනටමත් සමාජ මාධ්‍ය තුල එක් රටක් නිති දෙකක් ලෙසින් ආණ්ඩුවට සම්බන්ධ පිරිස් විසින් නිරෝධායන නීති කඩකරන අන්දම ගැන බරපතල විවේචනයක් මතු කර තිබේ.
යුක්රේන නාඩගම මෙයට කදිමම නිදසුනයි.
මේ අතර මිගමුව මහනගර සභාවේ එක්තරා ලොක්කියක්ද මුව ආවරණ පළදින්නේ නැතැයි වාර්තා වේ.
මිගමුවට නිරෝධායන නීතිය පිලිපැදිය යුතු අන්දම ගැන උපදෙස් දෙන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පවා අර්බුදයට යවා ඇති මේ හිතුවක්කාරකමට නිසි පිළිතුරු පසුගියදා සපයා තිබුනේ කුට්ටිදුවේ ධිවර ජනයා විසිනි.
ධිවර ගමක වෙසෙන ජනයා විසින් කෝ මැඩම් මාස්ක් යනුවෙන් අසන තරමටම රාජ්‍ය නිළධාරියෙකු පච වන්නේ නම් ඉන් කියැවෙන්නේ කුමක්ද ?