පොලිස් වාර්ථාවක් දෙන්න මීගමුව පොලිසියට පල්ලියෙනුත් ලියුම් ඕනෙලු .????

0
79

policeමීගමුව පොලිසිය විසින් පොලිස් වාර්ථා නිකුත් කිරිම සදහා ග්‍රාමසේවක සහතිකයට අමතරව පල්ලියෙන්  සහ පන්සලෙන් චරිත සහතියක් රැගෙන ආ යුතුව ඇතැයි චෝදනාවක් පවති.
මේ සම්බන්ධයෙන් අපට කරුණු පැහැදිලි කරන ලද ග්‍රාම නිළධාරියෙකු පවසා සිටියේ පල්ලිවලින් ලියුම් ගතහැකි වන්නේ බදාදා දිනයන්හි පමණක් බවත්  එබැවින් ඒ දිනය යම් කිසි හෙයකින් මගහැරනහොත් තවත් සතියක් බලා ඉන්නට අදාල අයට සිදුවන බවක් කියා සිටියේය.
එමෙන්ම ඇතැම් අය පල්ලි හා පන්සල සම්න්ධයෙන් කිසිදු සම්බන්ධයක් පවත්වන්නේ නැති නම් ඔවුන් මෙවැනි ලියුමක් ගන්නේ කෙසේද ?යන්නත් ඔහු ප්‍රශ්ණ කර සිටිෙය්ය.
මේ පසුබිම යටතේ මීගමුව පොලිසියේ මේ අළුත් වැඩපිළිෙවල පොලිස් සහතික ඉල්ලා එහි යන තවත් අපහසුවේ හෙලිමක් බව කියා සිටි.
මේ ගැන අප කළ විමසුමකට පිළිතුරු දුන් මීගමුව මූලස්ථාන පොලිස් පරික්ෂක සමන්තිලක මහතා පවසා සිටියේ තමන් මීගමුව පොලිස් ස්ථානයේ රාජකාරි කටයුතු භාරගත් අවස්ථාවේදි පොලිස් සහතික ඉල්ලා කරන ලද ඉල්ලිම් විශාල සංඛ්‍යාවක් තිබුන බවත් පැවති තත්වය යටතේ  ඒවා ගැන විමර්ශනය කිරිමට අදාල පුද්ගලයා ගැන විමසිම සදහා ගමට ගොස් අදාල දැ තහවුරු කරගැනිමට තවත් කාලයක් ගතවන නිසා පොලිස් සහතික ඉල්ලා සිටින අයට කඩිනමින් එය සපයා දිමේ පියවරක් ලෙස අදාල පන්සලේ හෝ පල්ලියේ සහතිකයක් රැගෙන එන්නේ නම් එයද පදනම් කරමින් ගමට පොලිස් සහතියක් කඩිනමින් සපයා දෙන්නට හැකි නිසා මෙැවනි ක්‍රමයක් හදුන්වාදුන් බවත් කියා සිටියේය.