News පොලිස් වෙඩිතැබීමෙන් මියගිය රොෂෙන්ගේ නඩුව අද, උසාවිය ඉදිරිපිට විරෝධතාවක් By fgamage - 2011 August 14 0 73 FacebookWhatsApp පෞද්ගලික විශ්රාම වැටුප් ක්රමයට එරෙහිව කටුනායක පැවති උද්ඝෝෂණයේදී පොලිසිය තැබූ වෙඩි පහරකින් මිය ගිය වෙළද කලාප සේවක රෝෂේන් චානක ගේ මරණයට සම්බන්ධ නඩුව අද මීගමු මහේස්ත්රාත් අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය. අද පෙරවරැවේ මීගමුව උසාවිය ඉදිරිපිටදී සිවිල් සංවිධාන සහ කම්කරැ නායකයින් එක්ව විරෝධතායක් සංවිධානය කරන ලදී. කම්කරැවන්ට සිදුකළ අමානුෂික පහරදීම හෙලාදකිමින් පොලිස් පහරදීමෙන් තුවාල ලැබූ කම්කරැවන්ට සාධාරණ වන්දියක් ලබාදෙන ලෙස එම සටන් පාඨ වල සදහන්ව තිබිණි. meepura media unit